අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් කොමිසම විසින් ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් 4ක් බඳවාගෙන ඔවුන්ව තමන්ට අයත් ඉන්ධන පිරවුම්හලක වැඩවලට යොදාගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 27කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාවක් මත ය.


