නාමල්ගේ විවාහ උත්සවයේ ලක්ෂ 26ක විදුලි බිල ගෙවා නෑ – නලින්ගෙන් හෙළිදරව්වක් !

Date:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හම්බන්තොට, වීරකැටිය නිවසේ පැවති උත්සවයක් සඳහා 2019.09. 12 දින සිට 2019.12.15 දින දක්වා තාවකාලිකව විදුලිය සපයා ආරක්ෂක පහන් සවිකිරීම වෙනුවෙන් වූ රුපියල් 2,682,246.57 ක මුදලක් විදුලිබල මණ්ඩලය වෙත මෙතෙක් ගෙවා නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පවසයි.

තමන් තොරතුරු දැනගැනීමේ පනත හරහා විදුලිබල මණ්ඩලයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම තොරතුරු ලැබුණු බව පැවසූ හේවගේ මහතා සඳහන් කළේ මෙම විදුලි බිල නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයට අදාළ එකක් බවයි.

“කෙලිං වැඩ කරනවා නම් මිහින්තලේ කපපුවා වගේ කපන්න පුළුවන් විදුලි බිලක් අද ඔයාලට අපි ඉදිරිපත් කරනවා. මේ මගේ අතේ තියෙන්නේ, විශේෂයෙන් විදුලි බල මණ්ඩලයෙන් මම ගිය මාසෙ 26 වනදා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලලා අද දිනයේ මගෙ අතට පත් වෙච්ච 2019 නව වෙනි මාසෙ දොළොස් වෙනිදා ඉඳලා 2019 නවයයි පහළව දක්වා නාමල් රාජපක්ෂ මහත්තයගෙ කාල්ටන් නිවාසයේ පැවැත්වුණු ඒ විවාහ වීමේ මහා මංගලෝත්සවයට අලුතින් විදුලි රැහැන් ඇදලා, විදුලි පද්ධතියක් නිර්මාණය කරලා, ජෙනරේටර් දීලා මේකට විදුලිය දෙනවා. මේ නාමල් මහත්තයගේ වෙඩිං එකේ විදුලි බිල තියනවා රුපියල් විසි හය ලක්ෂ අසූ දෙදාස් දෙසිය හතළිස් හයයි ශත පනස් හතක්. ප්‍රශ්නෙ තියෙන්නේ මේ විදුලි බිල අද වෙනකං ගෙවලා නෑ. වලව්වක් තියෙන්නේ පන්සලට ඉහළින් වෙන්න බෑ. වලව්වක් තියෙන්න ඕනේ පන්සලට පහළින්. ඒ නිසා ඓතිහාසික පුදබිමක විදුලිය කපන්න පුළුවන් නම් ඊට පහළින් තියන වලව්වෙත් වහාම විදුලිය විසන්ධි කරන ලෙස අපි ඉල්ලා සිටිනවා” යනුවෙනුයි ඒ මහතා ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වන ලිපියට අදාළව විදුලි බිල්පතක් ඉදිරිපත් කර ඇත්නම්, එය කාගේ නමින්, කුමන දිනයක, කුමන ලිපිනයක් සඳහා යොමුකර ඇද්ද යන්න වග හා එම බිල්පතෙහි නිවැරැදි තොරතුරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...