*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

රට බංකොලොත් කළ රජයේ ඇමතිවරුන් ජනමාධ්‍යයට කරන අභූත චෝදනාවලට එරෙහිව විපක්ෂ නායකගෙන් සැර ප්‍රකාශයක්

ජනතාව උද්ඝෝෂණ සඳහා පොළඹවන්නේ ජනමාධ්‍ය යනුවෙන් වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයකු ප්‍රකාශ කළ බවත් නමුත් ජනතාව සැබෑ ලෙසම උද්ඝෝෂණය කරන්නේ අදක්ෂ අදූරදර්ශී රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වන නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රජයට හිතවත් කෝටිපතියන්ට බිලියන ගණනින් සහන ලබා දී දළ දේශීය නිෂ්පාදිතය සියයට 12 සිට 8 දක්වා පහත බැස්සවූයේ කවුද? අසූචි පොහොර නැව් පිටින් මෙරටට ගෙන ආවේ කවුද? රසායනික පොහොර භාවිතය එකවර නතර කර බාල ගුණාත්මක භාවයෙන් අවම කාබනික පොහොර භාවිත කිරීමට පෙළඹවූයේ කවුද? සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීම මිහින්තලා පුදබිමේ විදුලිය විසන්දි කිරීම සිදු කරන ලද්දේ ජනමාධ්‍ය නොව වත්මන් සහ හිටපු රජය බවත් එවැනි රට අගාධයකට දමන ක්‍රියා සිදු කරමින්, ජනමාධ්‍යයට චෝදනා එල්ල කිරීම අමනෝඥ ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (4) විපක්ෂ නායක කාර්යාලයේ දී ධිවර සංස්ථාවේ ප්‍රධාන කණ්ඩායමක් සමඟ ගැටලු සාකච්ඡා කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ ජනතාව මහපාරට බහින්නේ ජනමාධ්‍ය නිසා නොව මහජනතාවගේ දුක නොදන්නා අදක්ෂ රාජ්‍ය පාලනය නිසා බවත් ය. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ දී සුපිරි ධනවතුන්ට සහාන ලබා දී වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදලට අතපෙව්වේ ජනමාධ්‍ය නොව වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බවත් මේ කිසිවකට ජනමාධ්‍ය වගකිවයුතු නොවන බවත් මෙවැනි තත්ත්වයක් තේරුම් ගත නොහැකි පුද්ගලයන් ඇමතිකම් දරන්නේ කෙසේද? කියා ගැටලු සහගත බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

සෞභාග්‍ය දැක්මක් ඉදිරිපත් කර බලයට පැමිණ රට බංකොලොත් කර අවසානයේ එම චෝදනා මාධ්‍යයට එල්ල කරන බවත් කිසිදු මැති ඇමතිවරයකුට රට බංකොලොත් වීමේ වගකීම ජනමාධ්‍යයට පැවරීමට අයිතියක් නොමැති බවත් ජනතාව මහපාරට බහින්නේ රට බංකොලොත් වීම නිසා බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ තමා ඇතුළු පිරිස සෑම විටම ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණය කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව යි.

එමෙන් ම කුරුදුවත්තේ සීත කාමර තුළ සිටින මේ ඇමතිවරුන්ට ජනතාව විඳින දුක නොතේරෙන බවත් ඔවුන්ට ජනතාව විඳින සැබෑ දුක තේරෙනවා නම් බොරුවට මාධ්‍යයට අභූත චෝදනා එල්ල නොකරන බවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සුරකින සිව්වැනි කුළුණ වන ජනමාධ්‍යයට බොරු චෝදනා නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan