සමහරු කියනවා මාලිමාව බලයට ආවාම තියෙන අයගෙන් අරන් නැති අයට බෙදයි කියලා. ඒවා බොරු – හඳුන්නෙත්ති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් පාර්ලිමේන්තුවේ සිටින බොහෝ මන්ත්‍රීවරුන් මෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තම ආණ්ඩුවක් යටතේ ව්‍යාපාර නොකරන බව එම පක්ෂයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“ජාතික ජන බලවේගයේ මාලිමාවේ සැලුන් දොරක් නැහැ. තියෙන්නේ මේ රටේ රාජ්‍ය දේපළ වංචා කළ හොරුන්ට වහපු දොරක්. ඒ නිසා මාලිමාවේ පාලනයක් තුළ හොරුන්ට නීතියෙන් ගැලවීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔවුන් නීතිය හමුවට ගෙන එනවා.

සමහරුන් කියනවා මාලිමාව බලයට ආවොත් තියෙන අයගෙන් අරන් නැති අයට බෙදා දෙනවා කියලා. තවත් සමහරුන් කියනවා මාලිමාව බලයට ආවොත් සමෘද්ධිය හා අස්වැසුම නැති කරනවා කියලා. මේ බොරු ප්‍රකාශ වලින් හතුරා හදන්නේ ඇති අයයි නැති අයයි දෙගොල්ලොම අඅපට එරෙහිව බය කරන්න. ඒවා අමූලික බොරු. අසත්‍ය කතා. එහෙම දෙයක් වෙන්නේ නැහැ.

මේ රට හදන්නට මුලින්ම ආදර්ශයක් දෙන්නට ඕනේ දේශපාලකයෝ යි. අද පාර්ලිමේන්තුවේ ඉන්න හුඟක් මන්ත්‍රීවරු වගේ මාලිමාවේ ආණ්ඩුවක් යටතේ අපි ව්‍යාපාර කරන්නේ නැහැ. අපි කරන්නේ දේශපාලනය”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ බියගම ප්‍රදේශයේ පැවති ජාජබ ව්‍යාපාරික සමුළුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි !

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර්...

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාවට මාස 20ක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාවේ බලයෙන්...