බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ඛලීඩා සියා නිදහස් කරන ලෙස ජනාධිපතිගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශ්හි අගමැතිනි ශික් හසීනා සිය ධුරයෙන් ඉවත් වී රටින් පලා ගොස් පැය කිහිපයකට පසු බංග්ලාදේශයේ හිටපු අගමැතිනි සහ ප්‍රධාන විපක්ෂ නායිකා ඛලීඩා සියා නිදහස් කරන ලෙස බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් නියෝග කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය කණ්ඩායම සඳහන් කර තිබුණේ, ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් යුත් රැස්වීමකදී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) සභාපතිනි බෙගම් ඛලීඩා සියා වහාම නිදහස් කිරීමට ඒකමතිකව තීරණය කළ බවත් විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 2000ක් පමණද නිදහස් කිරීමට තීරණය කර ඇති බවත්ය.

දෙවරක් බංග්ලාදේශයේ අගමැතිනිය වූ ඛලීඩා සියා, අගමැතිනි හසීනා සමඟ දිගු කාලින අමනාපකමක් ඇති අතර 78 හැවිරිදි ඇය අනාථ නිවාස භාරයක් සඳහා වූ පරිත්‍යාග වශයෙන් ඩොලර් 250,000ක් පමණ අවභාවිත කරමින් ඇයගේ බලය අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා මත 2018 සිට වසර 17 ක සිරදඬුවමකට යටත් සිරගතව සිට ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...