ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන නිකුත් වේ!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 06, කොළඹ (LNW):

ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කර තිබෙන අතර, අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමටයි පියවර ගෙන ඇති බව ද පැවසේ.

ජනාධිපතිවරණයේ දී ප්‍රවෘත්ති වාර්තාකරණය, වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් මෙන්ම ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබද මාධ්‍ය උපමාන ඊට ඇතුලත් වේ. ඒ අනුව මාධ්‍ය උපමාන බලාත්මක කිරීමට මෙන්ම නිර්දේශ ලබාදීමට නියෝජිත කමිටුවක් ද පත්කිරීමට නියමිත බව පැවසේ.

විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර් ජාල වෙබ් අඩවි මෙන්ම සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිපාලකයින්ට මාධ්‍ය උපමාන මෙන්ම මුද්‍රිත මාධ්‍ය සදහා ද වෙන් වෙන් වශයෙන් මාධ්‍ය උපමාන නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...