*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

තර්ජනී ඕනිද නැද්ද?

ආසියානු කුසලාන නෙට්බෝල් තරගාවලිය අත ළඟය.තවමත් ශ්‍රී ලංකාවෙන් ක්‍රිඩා කරන්නේ කවුද යන්න හරියටම තීරණය කර නැත.ආසියානු කුසලානය ඇති රට තමන්ගේ කුසලානය රැක ගන්න සූදානම් වන ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකිය.

ඊට හේතු මොනවාද?පරිපාලනය මාරු වී ඇත.එවිට සිටි පරිපාලනය කරපු දේ මොනවාද යන්න කවුරුත් දන්නේ නැත.හිටපු පරිපාලනය වෙනස්කම් රැසක් කළේය.ඒවා නෙට්බෝල් දියුණුවටද නැද්ද යන්න සැක සහිතය.පුහුණුකාරියගේ සිට සියල්ල චරිත හැටියට මාරු වී ඇත.අලුත් පරිපාලනය එන විට ද ආසියානු කුසලානය නොතිබුණානම් සහර විට මේ පුහුණුකාරියද වෙනස් වන්නට තිබිණ.පුහුණුකාර තනතුරට පත් වෙන්නට ද නිලවරණයේදි වැඩ කොටසක් කරන්නට අවශ්‍යය වන අතර එය ද සුදුසුකමකි.ලංකාවේ නෙට්බෝල් පමණක් නොව බොහෝ ක්‍රීඩාවල හැඩය මෙයාකාරය.
දැන් ගැටළුව තිබෙන්නේ කණ්ඩායම නම් නොකරන්න තර්ජන ඕනෑද නැද්ද යන්නය.තර්ජනී වෙනුවට තවමත් ක්‍රීඩා රටාවක් සකස් කර ගෙන නැත.එය පුහුණුකාරීත්වය වගකීම භාරගත යුතු තත්ත්වයකි.තර්ජණිගේ උසේ අඩුව මකා ගන්නට හැකි උසක් නැතිනම් ඒ හිස් තැන වසා ගත හැකි වෙනත ශිල්පීය ක්‍රමයන් උපයෝගී කරගත යුතුය.එහෙත් එවැන්නක් සිදු වි නැත.එසේනම් තර්ජණි කැඳවිම එකම විකල්පය ලෙස නෙට්බෝල් පරිපාලනය සිතනවානම් ඇයව කණ්ඩායමට කැඳවිය යුතුය.

අලුත්ම තත්ත්වය අනුව ඇයව කණ්ඩායමට කැඳවීමට ඇයව පරික්ෂා කරන්නට තීරණය කර ඇත.ඇය මේ මොහොතේ සිටින්නේ ඕස්ට්‍රේලියාවේය.එහි තරගාවලියකට ක්‍රීඩා කරමින්ය.එසේනම් ඇය ගැන දත්ත අන්තර්ජාලය හරහා ලබා ගන්නට අපහසු නැත.ඇය ක්‍රීඩා කරන වීඩියෝ පවා ගෙන්නා ගන්න හැකියාව ඇත.ඒ හරහා ඇයගේ තත්ත්වය තීරණය කිරීම මෙහිදී වැදගත්ම කාරණය වන්නේය.එසේ නොමැතිව ලෝක කුසලානයකදී පවා වැඩිම විදීම් ප්‍රතිශතය දිනා ගනිමින් කැපී පෙණුන තර්ජණි නැවත පරික්ෂාවකට භාජනය කරනවා කීම ඇය මේ රටට දුන් දේ අගෞරවයට ලක් කිරීමක්ය.එවැනි මානසික පීඩනයකට රටකට අමිල සේවයක් කළ ක්‍රීඩිකාවක් ලක් කිරීම යුතු නැත.

දියුණු තාක්ෂණය යොදා ගනිමින් තර්ජණීගේ අලුත්ම තත්ත්වය නිරීක්ෂණය කරනු විනා ඇයව පරික්ෂණයට භාජනය කිරීම නොකළ යුතුය.ඊට වඩා ඇය කණ්ඩායමෙන් පිට තබා ක්‍රීඩා කිරීම වැදගත්ය.ලංකාවේ මෙවැනි තේරීම් කමිටු සහ ක්‍රීඩා බලධාරීන් ගනු ලබන තීරණ ගැන ඕනෑ තරම් උදාහරණ ඇත.2019 දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ඉතාලියේ සිට පැමිණි යුපුන්ට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් නොමැතිව මුහුණ දීමට නොහැකි විය.එහි වන්දිය ලෙස නැවත තේරීමකට යන්නට ප්‍රතිවාදී බලවේග අකමැති වූ අතර මලල ක්‍රීඩා සංගමයට,ජාතික ඔලිම්පික් කමිටුවට සහ ක්‍රීඩා අමාත්‍යංශයටත් “සිය රට දේ සිරි සැප දේ” කියන ලේබලයට යට වි ඉතාලි පුහුණු ධාවකයා කේවල තරගයෙන් ඈත් කර තබන්නට සිඳු විය.අවසානයේ අපට මීටර් 100 රන් පදක්කම නැති විය.
ඒ නිසා ලෝකයේ ශ්‍රී ලංකාවට වඩා හැම අතින්ම ක්‍රීඩාවේ දියුණුව දකින්න තියෙන රටක තර්ජණී කුමක් කරන්නේද යන්න අන්තර්ජාල පහසුකම් හරහා විමසා බලනු විනා ලෝකයම හෙල්ලූ තර්ජණි කියන යාපනයේ දෙමළ කෙල්ල නැවත පරික්ෂාවට භාජනය කිරීම හැම අතින්ම සදාචාරසම්පන්න නැත.ඇය ලංකාවේ ආදර්‍ය වැඩියෙන්ම දිනූ නෙට්බෝල් ක්‍රීඩිකාවය.එය ඇත්තක්ය.එය ඇත්තක් කරේ තර්ජණීගේ දක්ෂතාය.ඒ දක්ෂතාවලින් රටට උපයා දුන් ජයග්‍රහණය.ඇය නැතුව ක්‍රීඩා කරන්න.එහෙත් ඇයව සුදුසුදැයි පරික්ෂා කරන්නට තේරීම් කමිටුව හමුවට කැඳවීමෙන් වළකින්න.

නෙට්බෝල් සංගමය ද ක්‍රීඩා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුවද රට ලෝකය අභිමුව ඉහළින් තැබූ තර්ජණී සම්බන්ධයෙන් හැසිරෙන ආකරය රටක් නොව ලෝකයම බලා සිටින බව සියල්ලන්ටම සිහිපත් කරනු කැමත්තෙමු.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan