සර්ව පාක්ෂික කියන නම සුන්දර වුණාට දූෂිතයෝ එක්ක කරන්න පුළුවන් දෙයක් නැහැ – ෆොන්සේකා (VIDEO)

Date:

ජනාධිපතිවරයා යොමුකර තිබුණු ලිපියට අනුව 19 ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු පත්කිරීම ගැන ඊයේ සිදුකළ කළ සාකච්ජාව සාර්ථකව සිදුකළ නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ පොදු එකඟතාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

ඒ, අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එම සාකච්ජාවේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදහස් පළකළ අතර සමඟි ජන බලවේගයේද එක් අයෙක් දෙදෙනෙක් එවැනි දෙයකට කැමැත්තෙන් සිටියද පක්ෂයක් ලෙස එවැනි තීන්දුවක් ගෙන නොමැති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ජනාධිපතිවරයා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුව සිය පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ මෙන්ම දූෂිතයින් සිටින බවයි ෆොන්සේකා මහතා පැවසුවේ.

”ඔය කියන සර්ව පාක්ෂික ආණ්ඩුවේ එකමුතුකම තිබේවිදැයි මට සැකයි. වෙනසක් වෙන්නේ නෑ කියන එක මේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි. මැතිවරණයක් තියන්න පුලුවන් නම් හොදයි. නමුත් ප්‍රායෝගික ගැටලු තිබෙනවා.මේ ආණ්ඩුව ගෙදර යා යුතුයි. යම් වෙනසකට යා යුතුයි. නිවැරදි බලවේගයක් පාර්ලිමේන්තුවේ ඇති කල යුතුයි.” යන්න ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...