වසර 74ක් පුරා ලංකාවේ දේශපාලනයෙන් ලබාගැනීමට නොහැකි වූ ජයග්රහණ රැසක් පසුගිය මාස තුනක අරගලයෙන් ලබා ගත් බව අරගලයේ ක්රියාකාරී සාමාජිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා අවධාරණය කළේය.
ඒ, අද (06) නුගේගොඩදී පැවති මහජන රැළිය අමතමිනි.
එහෙත් පාර්ලිමේන්තු කුමන්ත්රණයකින් අභිනව ජනාධිපති ලෙස පත් වූ ”රනිල් රාජපක්ෂ”ට අරගලය ඇරඹීමට හේතු වූ කරුණු අමතකව ගොස් ඇති බවයි ඔහු පැවසුවේ.
මේ වන විට අරගලයට සම්බන්ධ වුවන්ට විදෙස් ගමන තහනම් කර තිබෙන අතර කෙසේවෙතත් මේ රට අතහැර දමා නොයන බවත් මිය යන්නෙත් මේ රටේම බවත් ඔහු ප්රකාශ කරන ලදී.
දේශපාලනයේ ක්රම වෙනසක් සිදුවෙන තුරු මැරෙනකම් හෝ මරනවා නම් මරණ තුරු රටෙන් නොයන බවයි ඔහු සඳහන් කළේ.
ASK