*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ඇමති සූදු අපිට එපා. කමිටු හරහා අපි රට හදමු – විපක්ෂ නායක සජිත් (VIDEO)

පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සදහා රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් පොදු ගමනක් යාමට තීර්ණය කර ඇති බවත් එය සර්ව පාක්ෂික, ඒකාබද්ධ රට ගොඩනගන වැඩපිළිවෙළක් බවත් එහි දී කිසිදු ආකාරයක ඇමති ධුර ආදී තනතුරු බෙදා ගැනීම වැනි ඩීල්වලට එකතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සුපුරුදු කුජීත දේශපාලන සංස්කෘතිය නැවත ගෙනවිත් රටේ ලක්ෂ 220ක් වූ ජනතාව නැවත විඳවීමට ලක් නොකිරීමට තීරණය කර ඇති බවත් සමගි ජන බලවේගයේ යෝජනාව වන්නේ සවිබල ගැන්වූ බලයක් සහිත විධායක පාර්ලිමේන්තු කමිටු නැවත ආරම්භ කළ යුතු බව වන අතර එහි දී මැති ඇමතිකම් ලබාගෙන ඒ බර ජනතාවට පැටවීමක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ බලයක් සහිත කමිටු හරහා රට ගොඩනගන හොද වැඩවලට සහාය දිය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

පසුගිය කාලයේ තිබූ කැදර ඇමති තනතුරු ලබා ගැනීමට යොමු නොවී අපේ රට සෞභාගය සම්පන්න රටක් බවට පත්කර ගැනීම උදෙසා පොදු වැඩපිළිවෙලකට සහාය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2019 ජනාධිපතිවර්නයේදී ජනතාව ගත් වැරදි තීරණයක් හේතුවෙන් අසාර්ථක පාලකයකු බලයට පත් වූ බවත් ඔහුගේ දුර්වල රාජ්‍ය පාලනය හේතුවෙන් මුළු රටම අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගයේ දැරණියගල ආසන සංවිධායක රංජිත් පොල්ගම්පල මහතාගේ ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (06) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.ප්‍රදේශවාසී ජනතාව අති විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

මේ වන විට රටේ ලක්ෂ 220ක් වූ ජනතාව අසරණ වී ඇති බවත් එ සඳහා හේතු වුයේ දඩබ්බර, උද්දච්ච, හිතක් පපුවක් නැති වැඩ බැරි රජයක ක්‍රියාකලාපය බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී කීය.

2019 දෙසැම්බර් රට තිබු තත්ත්වයට ගෙන ඒමට වසර 5කට වැඩි කාලයක් ගත වන බවත් මාස 2න් 3න් රට ගොඩ නගන සිහින කතාවලට නොරැවටෙන ලෙසත් එය අසත්‍යයක් බවත් ඒ මහතා පැවසීය. මේ බොරුවට ඉඩ නොදෙන ලෙසත් අපේ දරු පරපුරේ අනාගතය සුරැකිය යුතු බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan