මරණ දඩුවම ක්‍රියාත්මක වුවත් නැවත බංග්ලදේශයට එන බව’ හිටපු බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා කියයි

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා තමන් නැවත බංග්ලාදේශයට පැමිණෙන බව ප්‍රකාශ කර ඇති අතර, එම ප්‍රකාශය එරට දේශපාලනය තුළ යළිත් උණුසුම් සංවාදයක් ඇති කර තිබේ.

2024 වසරේ රජයට එරෙහිව පැවති මහජන විරෝධතා අතරතුර සිදුවූ ප්‍රචණ්ඩ මර්දනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් බලයෙන් ඉවත් වූ හසීනා, මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා වන අතර එම සිදුවීම්වලට අදාළ නඩු විභාගවල ප්‍රතිඵලයක් ලෙස ඇයට මරණ දඬුවම නියම වී ඇති අතර, ඒ මධ්‍යයේම ඇය සිය දේශපාලන ගමන අත් නොහරින බව අවධාරණය කර තිබේ.

හසීනාගේ නායකත්වයෙන් යුතු Awami League පක්ෂය නැවත සංවිධානය කිරීමේ අරමුණින් තමන් යළි බංග්ලාදේශයට පැමිණීමට සූදානම් බව ඇය ප්‍රකාශ කර ඇති අතර ඇයට එරෙහිව අධිකරණය විසින් ගොනු කරන ඇති සියලු චෝදනාවන් දේශපාලනික වශයෙන් පලිගැනීම් බවට මෙහිදී ඇය ප්‍රකාශ කර ඇත.

දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, හසීනාගේ ප්‍රකාශය ඇයගේ ආධාරකරුවන්ට දේශපාලන පණිවිඩයක් වුවද, බංග්ලාදේශයේ වත්මන් දේශපාලන හා නීතිමය වාතාවරණය තුළ එම සැලසුම ක්‍රියාත්මක කිරීම පහසු නොවනු ඇති බවත්, ඇය නැවත රටට පැමිණියහොත් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවිය හැකි බවත්‍ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...