(VIDEO):පොහොට්ටුවවත්,සමඟියවත්,රනිල්වත් අපිට අභියෝගයක් නෙවෙයි – AKD

කොළඹ LNW:සමඟි ජන බලවේගය,පොහොට්ට්ටුව හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය තුළ සිදුවෙමින් තිබෙන දේශපාලන වෙනස්කම් ජාතික ජන බලවේගයට අභියෝගයක් නොවන බව එහි නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

සමඟියේ ආණ්ඩුවක් තුළ වංචා දුෂණ මැඩ පැවැත්වීමේ වගකීම සරත් ෆොන්සේකා මහතා වෙත දෙන බව පවසා තිබුණු පසුබිමක ඔහුව ඉවත්කර පොහොටුවේ සභාපති ජී.එල්.පීරිස් එක්කර ගැනීම හෝ වංචා දුෂණ චෝදනා තිබෙන නාලක ගොඩහේවා වැනි අය එක්කරගැනීම රනිල් වික්‍රමසිංහ හිරේ දාන තෙක් නින්ද යන්නේ නැහැ කියූ මහින්දානන්ද අලුත්ගමගේ දැන් රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වීම,රෝහිත අබේගුණවර්ධන වැනි අය රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වීම වැනි දේවල් ජාතික ජන බලවේගයට බලපෑමක් නොමැති බවයි දිසානායක මහතා සඳහන් කළේ.

මේ වන විට පුරුදු පරිදි වරදාන වරප්‍රසාද වෙනුවෙන් එහෙට මෙහෙට පනිමින් සිටින අතර සිය ආණ්ඩුවක් තුළ අනිවාර්යයෙන් එම ක්‍රමවේදය නතර කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන එන බව ඔහු අවධාරණය කළේය.

එම දේශපාලනය දන රටේ ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙන බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

අනුර දිසානායක මහතා මෙම අදහස් පළකළේ ඊයේ (06) පස්වරුවේ ජ්ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...