(VIDEO):අම්මේ,තාත්තේ වැඳලා ඉල්ලන්නේ. මේ රට තරුණ අපිට භාර දෙන්න – තිස්ස කුට්ටිආරච්චි

Date:

කොළඹ LNW:ප්‍රධාන ලෙසම පසුගිය අරගලයේදී ඉල්ලා සිටියේද තරුණ නායකත්වයක් වන අතර මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එම අවස්ථාව උදාකර දී ඇති හෙයින් තරුණ කණ්ඩායමට රට භාර දෙන ලෙස තමන් මේ රටේ වැඩිහිටි සියලු දෙනාගෙන් වැඳ ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මහින්ද චින්තනය ඉදිරියට ගෙන යා හැකි එකම තැනැත්තා නාමල් රාජපක්ෂ වන අතර ඔහු සමඟ එකතු වීමට බැරි කෙනෙක් පක්ෂය තුළ සිටිනවා යැයි තමන් විශ්වාස නොකරන බවයි කුට්ටිආරච්චි අමහතා කියා සිටියේ.

මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට රටේ නායකත්වය ගැනීමට තරුණයෙකුට අවස්ථාව ලැබී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස මේ වන විට ඉතාම පිරිසිදු පක්ෂයක් බවත් බහුතරය තරුණයින් බවත් ඔහු සඳහන් කරන ලදී.

මහ මැතිවරණයේ නාමයෝජනා ගැනීමටද විශාල තරුණ පිරිසක් අපේක්ෂාවෙන් සිටින අතර ඔවුන් අරගලය සමඟද සිටි අය බව මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...