බංග්ලාදේශයේ අවාමි ලීගයේ නායකයෙකුට අයත් හෝටලයකට ගිනි තැබීම හේතුවෙන් 24 දෙනෙකු පිළිස්සී මරුට

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශ් අගමැතිනි ෂීක් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පලායාමත් සමඟ විරෝධතාකරුවන් බංග්ලාදේශයේ අවාමි ලීගයේ නායකයෙකුට අයත් හෝටලයකට කරන ලද ගිනි තැබීමක් හේතුවෙන් ඉන්දුනීසියානු ජාතිකයකු ඇතුළු පුද්ගලයන් 24 දෙනෙකු පිළිස්සීම හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස ගිනිතබා ඇත්තේ ජොෂෝර් දිස්ත්‍රික්කයේ අවාමි ලීගයේ ප්‍රධාන ලේකම් ෂහින් චක්ලදාර්ට අයත් සබීර් ඉන්ටර්නැෂනල් නම් හෝටලයටය.

සුන්බුන් අතර තවත් මළසිරුරු ඇති බව විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුවෙමින් පවතියි.

අතර වාර්තා වලට අනුව, අවාමි ලීග් රජයට විරුද්ධ වූ නාඳුනන මැර පිරිසක් හෝටලයේ බිම් මහල ගිනි තබා ඇති අතර එය ඉක්මනින් ඉහළ මාලයට පැතිර ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNGA 81 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය අමාත්‍ය විජිත හේරත්ගෙන්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු ක්‍රීඩා වාර්තාව බිඳ වැටෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ජපානයේ පැවැත්වෙන 2026...

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...