ක්ලබ් වසන්තගේ ඝාතනයට සැකපිට ලොකු පැටීගේ මස්සිනා අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ (LNW):

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින්, ක්ලබ් වසන්තගේ ඝාතනය මෙහෙයවූ බවට ‍ චෝදනා එල්ල වූ ලොකු පැටී නැමැත්තාගේ මස්සිනා අත්අඩංගුවට  ගෙන ඇත.

සැකකරු, දක්ෂිණ අධිවේගී මාර්ගයේ  සේවා ලබාගන්නා ස්ථානයේදී   අත්අඩංගුවට ගෙන ඇති අතර,ඔහු අතුරුගිරිය පොලීසියට භාර දී ඇත. ඔහු ද වෙඩිතැබීම සිදු කළ වෙඩික්කරුවන්ට කුලී නිවසක් ලබාගැනීම හා වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන යාමට කුලී වෑන් රථයක් සම්බන්ධ කරදීම ඔහු විසින් සිදුකර ඇති බව හෙළිවී තිබෙන බව වාර්තා වේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ තොරතුරු මත  වෙඩික්කරුවන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පළා යෑමට භාවිත කළ බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී  සොයා ගැනුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...