*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

නාමල්ට බලය තිබූ මොහොතේ මොළේ තිබ්බෙ නෑ – මන්ත්‍රී වසන්ත යාපා

අම්බුළුවාවේ දූෂණ ගැන දැමූ පැමිණිල්ලට අදාලව ප්‍රකාශ සටහන් කරගන්න මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර අද අල්ලස් කොමිසමට කැඳවයි.

අම්බුළුවාවේ කෝටි 17 ක මූල්‍ය දූෂණ හෝ අක්‍රමිකතා.

මේ රටේ LTTE ත්‍රස්ථාවදය නිමා කරාට ඉඩම් ත්‍රස්ථවාදය තවමත් ක්‍රියාත්මකයි.

නාමල් රාජපක්ෂට කිඹුල් කඳුළු හෙලන්න දැන් කිසිම උවමනාවක් නෑ. නමල් රාජපක්ෂට අපි එදා කිව්වා ඔය රනිල් එක්ක යන දීගේ හරියන්නෑ කියලා.

නාමල් එදා කිව්වේ රනිල් තමයි ලංකාවේ ගැලවුම්කාරය කියලා. අද කියනවා ලංකාවේ ගැලවුම්කාරයෝ රනිල් නෙමෙයි කියලා.

මේ රටේ අනාගත නියත ජනාධිපතිවරයා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාසයි.

නාමල් රාජපක්ෂට බලය තියෙන වෙලාවේ මොළේ නෑ. දැන් මොළේ තියෙනවා කියලා රටට පෙන්වන්න හැදුවට මේ රටේ ජනතාව ඇන්දෙන්නෙ නෑ.

අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ මුල්‍ය අක්‍රමිකතා හෝ දුෂණ සම්බන්ධයෙන් පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා පසුගිය මැයි මාසයේ අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසට යොමු කළ පැමිණිල්ලට අදාලව ප්‍රකාශ සටහන් කර ගැනීමට අද(07) දින පස්වරුවේ මන්ත්‍රීවරයා අල්ලස් කොමිසමට කැඳවා තිබුණි.

ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පහත අදහස් පළ කළේය.

“අද දවසෙදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කැඳවීමක් කරලා තිබුණා, විශේෂයෙන්ම අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය භාර අරමුදල් පනත සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් කැඳවීමක් කරලා තිබුනා. එහිදී අපි ඉතාම පැහැදිලිව පෙන්නලා දීලා තිබෙනවා 2020 සහ 21 කියන වසර දෙකේ පමණක් විගණන වාර්තා පරීක්ෂා කරලා බලනකොට අපිට පේනවා රුපියල් කෝටි දාහතකට වැඩි මූල්‍ය අක්‍රමිකතා වෙලා තියෙනවා කියලා. ඒ වගේම තමයි අපි විගණන වාර්තා විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කරලා තියෙන 2010 ඉදලා 2022 දක්වා විගණන වාර්තා 13ක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ විගණන වාර්තා වලින් දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා හා වංචා දූෂණ රැසක් හෙළිදරව් කරලා තිබෙනවා. මේ හෙළිදරව් කරලා තියෙන වංචා හා දූෂණ සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කිරීමට තමයි අද අල්ලස් කොමිසම අපට කැඳවීමක් කරලා තිබුණේ. එහිදී අපි ඉතා පැහැදිලිව කියලා තියෙනවා වනජීවි දෙපාර්තමේන්තුවට මුක්තිය භාර නොදී අක්කර 236ක් පාවිච්චි කරනවා භාවිතා කරනවා තමන්ට අවශ්‍ය ආකාරයට ඒවා වෙනස් කරමින් භාවිතා කරනවා. අපි චෝදනා කරනවා එක පැත්තකින් උඩ පළාත ප්‍රාදේශීය ලේකම්තුමියත් ඒ වගේම තමයි අධිකරණ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අනුරාධ ජයරත්න යන අයත් ඇත්ත වශයෙන්ම මේ වෙනකොට මෙහි නිර්මාතෘවරයා විදිහට එක පැත්තකින් මේ දේපළවල ආක්‍රමිකතාවලට තුඩු දෙන කාරණා රැසකට මග පාදමින් කටයුතු කරනවා.

ඒ නිසා අපි චෝදනා කරනවා විශේෂයෙන්ම මේ රටේ අධිකරණ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ඔහුට වගකීමක් තිබෙනවා මේ අම්බලුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයා විදිහට කටයුතු කරන අයට වගකීමක් තිබෙනවා රජයට කළ යුතු ගෙවීම්, කස්ටෝඩියම් ඇක්ට් එක යටතේ, මහා භාරකාර පනත යටතේ කළ යුතු ගෙවීම්වත්, ඒ වගේම තමයි රාජ්‍ය භාරය Royalty Payment එක. මෙවැනි නීත්‍යානුකූල ගෙවීම් කිරීම ඔහුගේ වගකීම. ඔහුගේ මේ නෛතික වගකීම් බැහැර හරිමින්, රජයට කළ යුතු නිත්‍යානුකූල ගෙවීම් නොකරමින්, පාලිත රංගේ බණ්ඩාර පාර්ලිමේන්තුවේදී කියන විදියට 2009 වන විටත් රජය විසින් රුපියල් දශ ලක්ෂ නවසීයක් වියදම් කරලා තිබුණා. රාජ්‍ය මුදල් වියදම් කරලා රාජ්‍ය දේපළ මත මහා භාරකාරයා ප්‍රධාන පොල්මක්කාරයා වන අක්කර 927කට ආසන්න ඉඩමක මුක්තිය දරමින් රජයට කළ යුතු නීත්‍යානුකූල ගෙවීම් නොකරමින් මෙම මුදල් අක්‍රමිකතාවය වංචාව පිළිබඳව අප විසින් පැමිණිලි කරා පසුගිය මැයි මාසයේදී. ඒ පැමිණිල්ලට අදාළව යළි ප්‍රකාශයක් ලබාදීමට තමයි අපි අද පැමිණියේ. එහිදී අපි ප්‍රබලව කියනවා මේ රටේ එල්ටීටී ත්‍රස්තවාදය කෙළවර කරාට ඉඩම් ත්‍රස්තවාදය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මහනුවර රජයේ ඉඩම් බරපතළ විදියට අවභාවිතා කරනවා මංකොල්ල කනවා. ඒ නිසා අපි කියනවා රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තිබෙන්නේ රට මූල්‍ය වශයෙන් බංකොල්ලොත් වෙලා තියෙන්නේ මේ දේශපාලන මැදිහත්කරුවන්ගේ පාර්ලිමේන්තු බලයත් ඒ වගේම තමයි විධායකය බලයත් භාවිතා කරමින් මේ රටේ රාජ්‍ය දේපළ මංකොල්ලයක් මුදල් මංකොල්ලයක් සිදුවෙනවා. මෙවැනි මූල්‍ය අක්‍රමිකතා හා දුෂණ පිළිබඳව අල්ලස්ස හෝ දූෂණ කොමිසම දැඩිව ක්‍රියා කළ යුතු බවයි අපි කියා සිටියේ.”


Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan