සමගි ජන සන්ධානය බිහිවීමට පෙර!

0
1769

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ (LNW):


සමගි ජන බලවේගය ප්‍රමුඛ කරගත් විපක්ෂයේ පුළුල් දේශපාලන සන්ධානය ට , මහාචාර්ය ජී .එල් පීරිස් ප්‍රමුඛ නිදහස ජනතා සභාව ද නිල වශයෙන් එක්වීමට නියමිතය.

ඒ අනුව නිදහස ජනතා සභාව නියෝජනය කරමින් එහි නායක මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා හෙට දිනයේ (7/8) සුගතදාස ක්‍රීඩාංගනයේදී සන්ධානට අත්සන් තැබීමට නියමිත බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩ හේවා, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස් කුමාරසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිදහස ජනතා සභාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් වීමට නියමිත බව පැවසේ.