IMF වෙතින් ලංකාවට සහාය දීම ඇරඔුණු හැටි එළිවේ…!

Date:

අශෝක ජයතුංග

අගෝස්තු 07 වොෂින්ටන් LNW :

IMF හා ලංකාව මෙවර සම්බන්ධ කිරීමේ මහින්දගේ කපුකම….?

ඇමෙරිකානු තානාපති මහින්ද සමරසිංහ මහතා ලංකාව හා IMF අතර මෙවර ඇරඔුනු සබදතා හා ලංකාවට ලැබෙන සහාය ගැන පසුගියදා එළිකළේ තානාපති පරිශ්‍රයේ පැවැති විශේෂ උත්සවයක දීය. මේ එහි සිංහල පරිවර්තනයයි.

ලංකාව 2022 දී විශාල ආර්ථික අර්බුදයකට ගොදුරු වුණා. තෙල් ගෑස් පෝර බෙහෙත් ලබා ගැනීමට නොහැකි තත්වයක් නිර්මාණය වුණා. එවිට මම තානාපතිකමට පැමිණ මාස කිහිපයි. ආර්ථික අතින් රටක් ගොඩ ආ හැකි මග ගැන මටත් යම් අදහසක් හා දැක්මක් තියෙනවා.

ඒ තුළ IMF හි සහාය ගැනීම හොදම පියවර බව මම තීන්දු කරලා එහි විධායක අධ්‍යක්ෂිකාව ක්‍රිෂ්ටලීනා ජෝර්ජියේවා මහත්මිය හමුවී ලංකාවේ අර්බුදය ඇයට විග්‍රහ කළා. IMF සහාය ලංකාවට ගැනීම ගැන මම ඔවුන්ට ප්‍රකාශ කර ඊට සහායදීමට ඔවුන් කැමති කරගත්තා. ලංකාවට IMF දුත පිරිසක් යවන්න අප දෙදෙනා එකගත්වයකට ආවා.


අනතුරුව මම මේ පසුබිම එවකට ජනපතිට විස්තර කලා. එහෙත් IMF වලට දැඩි විරෝධයක් ඒ සමගම ලංකාවෙ ඇතැම් විපක්ෂ කණ්ඩායම් මෙන්ම ආණ්ඩුව පැත්තෙනුත් මතුවුණා. IMF දූත පිරිස පිළිගෙන සාකච්ඡා කර ඔවුන්ට ලංකාවේ අර්බුදය ගැන පැහැදිලි නොකරන්නේඇයිදැයි මම ජනපතිගෙන් ප්‍රශ්න කළා.කීප වරක් කළ පැහැදිලි කිරීම් වලින් පසුව IMF සහාය ලබා ගැනීම හැර වෙන මගක් නැති බව ආණ්ඩුවට තේරුම් ගියා. පසුව IMF සමග නිළ සාකච්ඡා වලට කොළ එළියක් ආවා. මම IMF විධායිකාව යළි හමුවෙලා ලංකාවේ තත්වය සියැසින් දැකගෙන ගැඔුරු සාකච්ඡා ඇරඔීමට දූත පිරිස ලංකාවට යවන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව එහි ඉහළම තනතුරුදාරී ආර්ථික විශේෂඥයන් දෙදෙනෙකු ලංකාවට ගියා. ඉන් එක් අයෙක් දැන් දකුණු කොරියාවේ මහබැංකු අධිපතියි. ඔවුන් දෙදෙනා සමග සාකච්ඡා කරන්නේ ලංකාවේ ජනපති හා මුදල් ඇමති පමණක් බවත් මම දෙපාර්ශවයටම කිව්වා. මාධ්‍ය වලට එය නිරාවරණය නොකරන්නත් මම දෙපාර්ශවයම එකග කරගත්තා. මම වොෂින්ටන් සිට සියල්ල සම්බන්ධීකරණය කරමින් ඊට උපරිම සහාය ලබා දුන්නා.

එම හමු වලින් පසු IMF යෝජනා කරන දේ පිළිගෙන රට ගොඩදානවද නැද්දැයි තීන්දු කරන ලෙස මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. කිසි දෙයක් නොසගවා ලංකාව ගැන දකින විදිය කියන ලෙස මම කල ඉල්ලීම IMF පිරිසත් ඉටුකලා. දින 05 කට පසු IMF සමග ගිවිසුමකට එකගවන ලිපිය වොෂින්ටන් වෙත එවන බව ජනාධිපති මට කිව්වා. එතන තමයි IMF වැඩේ මුල. මම ඇමෙරිකානු භාණ්ඩාගාරය එක්කත් ලංකාවෙ ආර්ථික අර්බුදය ගැන කතා කලා. ඔවුනුත් අපට උපරිම සහාය ලබා දෙන තැනට පත් කරගන්න මට හැකි වුණා. ඇමෙරිකාවෙනුත් ලංකාවට ඩො මිලි 350 කට වැඩි උපකාර ඒ වෙලාවෙ ලබා ගන්න අපි සමත් වුණා. අප දෙරට අතර ද්වපාර්ශවික සබදතා තවත් තරවිය යුත්තේ ඒකයි. ඒ සදහා අප ඇපකැප වෙනවා.

ලංකාව ලොව ඉතා කෙටි කලකින් ගොඩ ආ රටක් බවට පත්වුණේ එසේ ආරම්භ කළ IMF සහායෙනුයි. ඊට ඩොලර් මිලියන ගණනක මුදල් පමණක් නොව IMF විශේෂඥයන්ගේ මග පෙන්වීම් හා උපදෙස් ඉහල් වූ බවත් ලංකාව එම මග පෙන්වීම් ඉදිරියට ගෙනයාමට විවේචන මැද එඩිතරව ක්‍රියා කිරීම බවත් මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා. තානාපති සමරසිංහ මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනාගාරයෙන් ඇසෙන කතා..

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW: ඊයේ (06) අත්අඩංගුවට ගෙන...

ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් ! (LIVE)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට මඳ වේලාවකට පෙර...