චම්පිකට ජනපති රනිල්ගෙන් සුබවාදී ප්‍රතිචාර …

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වැනි සේනාංකය ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සුබවාදී ප්‍රතිචාර හිමිව ඇති බව වාර්තා වේ.

ඒ, පසුගිය 05 වනදා ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ය.

ඊට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රජය පාර්ශ්වයෙන් සහභාගී වූ අතර 43 සේනාංකය පාර්ශ්වයෙන් එහි නායක පාඨලී චම්පික රණවක, කරු පරණවිතාන, සුමේධ රත්නායක, අජිත් අමරසිංහ සහ තීක්ෂණ ගම්මන්පිල යන නියෝජිතයෝ සහභාගී වූහ.

කවර වැඩ පිළිවෙලක් අනුගමනය කිරීමට වුව පෙර අරගලකරුවන් ඉලක්ක කරගෙන යමින් කෙරෙන්නා වූ අත්අඩංගුවට ගැනීමි ඇතුලු මර්දන ක්‍රියා වහා නවතා දැමීමේ අවශ්‍යතාව 43 සේනාංකය විසින් අවධාරණය කර තිබුණු අතර, පොදු මහජන සටනක නියැලුන අරගලකරුවන් අතින් කිසියම් නීතිය පිළිවෙල බිඳවැටීමක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳ සියලු දෙනාට පොදු සමාවක් දී සංහිඳියාවක් ඇතිකර ගැනීම සුදුසු බව ඔවුන් විසින් යෝජනා කර තිබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් සිය මූලික එකඟතාව පළ ක⁣රමින් එවැන්නක් සඳහා කටයුතු කළ හැකි ක්‍රමවේදයක් පිළිබඳ තම අවධානය යොමු කරනා බව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ජනාධිපතිවරයාගේ රාජාසන කතාවත් , 43 වැනි සේනාංකය විසින් මෙම අර්බුදය ඇති වූ වකවානුවේ පටන්ම ඉදිරිපත් කරමින් සිටින යෝජනා ද කෙරෙහි අවධාරණය කරමින්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, එම ආණ්ඩුව මෙහෙයවීම සඳහා පක්ෂ හා කණ්ඩායම් වල නායකයන්ගෙන් සැදි ජාතික විධායක සභාවක් පිහිටුවීම, පාර්ලිමේන්තු තුළ සැමටම ආණ්ඩුකරණයට දායක විය හැකි කමිටු ක්‍රමයක් පිහිටු වීම, 22වන සංශෝධනය සම්මත කර ගැනීම, ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පොදු අවම වැඩ පිළිවෙලක් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කිරීම යනාදී වශයෙන් ඔවුන් ඉදිරිපත් කර තිබෙන යෝජනා සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබවාදී ප්‍රතිචාරයක් දැක්වූ බවයි 43 වැනි සේනාංකය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...