ඉන්දු-චීන දේශසීමාවේ එක්සත් ජනපදය, ඉන්දියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සහභාගී වේ.

Date:

ඉන්දියාව හා චීනය අතර මතභේදයට තුඩු දී ඇති දේශ සීමා කලාපයේ එක්සත් ජනපදය ඉන්දියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සහභාගී වීමට සූදානම් බව වාර්තා වේ. Auli යනු ඉන්දියාව සහ චීනය අතර මතභේදයට තුඩු දී ඇති දේශසීමාව වන අතර එය සැබෑ පාලන රේඛාවේ (LAC) සිට කිලෝමීටර් 95 ක් පමණ දුරින් පිහිටා ඇත. චීනය සහ ඉන්දියාව අතර තවමත් එක් රටක් අවසන් වන අතර අනෙක් රට ආරම්භ වන්නේ කොතැනින්ද යන්න පිළිබඳව මතභේද පවතී. මෙම අභ්‍යාස පැවැත්වෙන්නේ “යුද් අබ්‍යාස්” හෝ “යුද පුහුණුව” ලෙසින් හඳුන්වනු ලබන වාර්ෂික ඒකාබද්ධ අභ්‍යාසයේ 18 වන සංස්කරණය නිමිත් කරගෙනය.

1962 චීන-ඉන්දියානු දේශසීමා යුද්ධයෙන් මෙම ගැටුම මතු වූ අතර එය දිගුකාලීන භෞමික මතභේද හරහා අදටද නොවිසඳී ඇත.

2020 ජුනි මාසයේදී චීනය විසින් පාලනය කරන ලද නමුත් අක්සායි චින් ප්‍රදේශයට ආසන්න ගල්වාන් නිම්නයේ දී අවම වශයෙන් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනෙකු හා චීන සොල්දාදුවන් හතර දෙනෙකු මිය ගිය දා සිට ඉන්දු චීන සබඳතා පළුදු විය. මෑතකදී පැන්ගොං ත්සෝ විල හරහා චීනය පාලමක් තැනීම මගින් මෑතකදී ආතතීන් තව දුරටත් ඉහළ ගොස් ඇත. මෙ ඉන්දියාව හැඳින්වූයේ “නීති විරෝධී වාඩිලෑමක්” වශයෙනි.

පසුගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වූ එක්සත් ජනපද හමුදාවේ පැසිෆික් අණදෙන නිලධාරී ජෙනරාල් චාල්ස් ෆ්ලින්, මතභේදයට තුඩු දී ඇති දේශසීමා ආසන්නයේ චීනයේ හමුදා ගොඩ නඟා තිබීම භයානක තත්වයක් බව විස්තර කර තිබිණි.

මෙම ඒකාබද්ධ අභ්‍යාස පිළිබඳ විමසූ විට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු CNN වෙත ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව සමඟ හවුල්කාරිත්වය නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයේ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සහ කලාපීය ආරක්ෂක අභියෝග රාශියකට මුහුණ දීම සඳහා අපගේ අදාළ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා මෙම ද්විපාර්ශ්වික අභ්‍යාසය සිදු කරන බවයි.

මෙම නොපැහැදිලි දේශසීමාව තුළ ඉන්දියාව සහ චීනය යන දෙපාර්ශවයම හදිසි බට පිරිස් රඳවා ඇති අතර දෙපාර්ශවයටම න්‍යෂ්ටික අවි ඇති හෙයින් ඕනෑම මිලිටරි ප්‍රකෝප කිරීමක් හරහා බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකිය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව ඇමති පන්නිලගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:නවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD) මගින් සංවිධානය...

ඉහළම දක්ෂතා සමඟ පරාජය වීමේ හේතුව….?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ මාල...

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...