*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

නෙත්මිගේ එංගලන්ත රංගනයෙන් නෙත් ඉවතට ගෙන බල්ගේරියා වේදිකාව තනා දෙන්නට සූදානම් වෙන්න

නෙත්මි අහිංසා පෝරුතොට..
ලංකාවේ බොහෝ දෙනෙක්ට මේ නම ඇසෙන්නේ බර්මින්හැම් සිටය.අද ඇය ගැන කතා කරන මා ඇතුළු මාධ්‍ය සඟයන්ද නෙත්මි ගැන වැඩිය නෙත් යොමු කර තිබුණේ නැත.ඒ නිසා මේ රහසේම සංවිධානය වී දුන්න ජාත්‍යන්තර සාර්ථක ප්‍රහාරයකි.එහි ගෞරවය පළමුව ශ්‍රී ලංකා මල්ලව පොර පරිපාලනයට දිය යුතුය.ඉනික්බිති ජාතික ඔලිම්පික් කමිටුව මැදිහත්ව නෙත්මි ට ලබා දුන් ක්‍රිස්බෝ අනුග්‍රහය ය.
ඒ වගේම සුරංග කුමාරනම් අතිශයින් ආත්ම විශ්වාසය සහිත තරුණයෙක් මේ පදක්කමට පාර පෙන්නුවේය.ඔහු පන්නල ආසන්නයේ ඇති වෙල්පල්ල වැනි දුෂ්කරතා පිරුණු පාසලට ජාත්‍යන්තර ජයග්‍රහණ සොයා ගෙන ගොඩ වීමම අපූරුය.එහෙත් මැණික් ඇති පොළව බැබලෙන්නේ නැත.බැබලෙන මැණික් සාමාන්‍ය පොළව කැණ සොයා ගත යුතුය.පුහුණුකරු සුරංග එවැනි වෙහෙසකින් වෙල්පල්ලෙන් සොයා ගත් නෙත්මි පමණක් නොව ඇය සමඟ එකම පාසලේ එකට ඉගෙනුම ලබන චමෝද්‍යා කේෂානි ද ක්‍රීඩා උළෙල නියෝජනය කරන කණ්ඩායමේ මල්ලව පොර ක්‍රීඩිකාවක්ය.


මල්ලව පොර ක්‍රීඩාවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය මට්ටමේ ප්‍රථම පදක්කම ශ්‍රී ලංකාවට හිමි කර දුන්නේ කවුදැයි මේ කප තිබෙන තුර අසන ප්‍රශ්නයට නෙත්මි අහිංසා පෝරුතොට යන්න පිළිතුර බවට පත් වී ඇත.වෙල්පල්ල පාසලේ ශාලාවක නොව එළිමහනක මේ පුංචි කෙල්ලන් කොල්ලන පිරිවරා ගෙන 2018 ආරම්භ කළ සුරංගගේ මහන්සිය මේ වන විට මල්යල ගැන් වී ඇත.මේ ගමන පහසුවෙන් පැමිණි එකක් නොවේය.මල්ලව පොර දෙස කිසිවෙක් නොබැලීය.ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩාවෙන් ලෝකය ජය ගත් පිරිසක් ජාතික ක්‍රීඩා සභාවේ ඉන්දුවා ඒ අයගේ තීරණ මත ක්‍රීඩා ගණනාවකය ඉහළ කාර්ය සාධන පුහුණුව සඳහා විශාල මුදලක් වෙන් කර දුන්නේය.ක්‍රීඩා කරන්න තැනක්වත් නැති මල්ලව පොර ක්‍රීඩාවට ඒ සඳහා සුදුසු බිමක්වත් සොයා දීමට කිසිවෙක්ට නොහැඟිණි.එසේනම් ක්‍රීඩා අමාත්‍යංශය ජයග්‍රහණ ආසන්න ක්‍රීා ලෙස මුදල් විසි කළ ක්‍රීඩා අතර මල්ලව පොර නොතිබිණිනම් ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ඒ සඳහා තීන්දු තීරණ ගත් ජාතික ක්‍රීඩා සමාජයේ නිරීක්ෂණයන් සහ අධීක්ෂණයන් අසමත්ය.ඔවුන් තෝරා ගත් ක්‍රීඩා අතර මල්ලව පොර දෙස ඇහැක්වත් ඇර බලා නැත.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට 18 හැවිරිදි නෙත්මි මෙන්ම එම වයසේ චමෝද්‍යා ද තෝරා ගැනීම සම්බන්ධයෙන් එම ක්‍රීඩිකාවන්ට හෝ ක්‍රීඩාවට අනුග්‍රහය දෙන බව පවසා නොපැමිණි ලියුම් පෙත්සම් ලෙස පැමිණියේය.ඒ මෙතරම් අඩු වයස් ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග සඳහා සහභාගි කරවීම නුසුදුසු බව කියා ය.බාධක බොහෝ තිබුණ ද සුරංග ගේ කෙල්ලන් ගැන විශ්වාසය තබන්නට මල්ලව පොර නිලධාරි ගත් තීරණයට සමීපව, සාමාන්‍යයෙන් හෙට දිනන බලාපොරොත්තුවෙන් කිසිඳා අනුග්‍රහයන් දෙන්නට නිර්දේශ නොකළ මල්ලව පොර ක්‍රීඩාවෙන් අනුග්‍රහය දෙන්නට ක්‍රිස්බෝ සඳහා නෙත්මී හඳුන්වා දෙන්නට ජාතික ඔලිම්පික් කමිටුව ද ඉදිරිපත් විය.
නෙත්මි මල්ලව පොර ක්‍රීඩිකාවකට සුදුසු ආහාර පාන ඒ අයුරෙන් කුසට දා ගත හැකි මට්ටමක දියණියක නොවේය.දෙමව්පියන්ට ඒ තරමේ වත්කමක් ද නැත.අද මේ රටේ බොහෝ දෙනෙක් ගෞරවයෙන් තමන්ගේ හදවතේ ඉඩක් නෙත්මිගේ පදක්කමට වෙන් කර තිබුණ ද,නෙත්මිටවත් ඒ ගෙදර උදවියටවත් ඒ පදක්කම ඒ ආකාරයෙන් ගරු සරු ඇතුව තැන්පත් කරන්න තැනක් හෝ ඒ නිවසේ නැත.හිසට වහලේ සිටම කුසට අහරක් වැටෙන තුරුම නෙත්මිට කියන්නට ඇත්තේ දුක හිතෙන කතාය.එහෙත් ඇය රටට සතුට ගෙන එන ක්‍රීඩිකාවක් බවට ඒ දුක පෙරළා නඟන්නට තරම් හයිය වීරිය ඇති ක්‍රීඩිකාවක් බව ඔප්පු කර හමාරය.
කොළඹ පැමිණිය ද මල්ලව පොර ක්‍රීඩිකාවක් ලෙස නෙත්මිට නවතින්නට පහසුකම් සපයන්නට මල්ලව පොර බලධාරීන්ට ඉඩ කඩක් නැත.සුගතදාස හෝටලේ ඉන්න දෙන්න කියා පදක්කම් බලාපොරොත්තු ක්‍රීඩාවක් ලෙස නෙත්මි දෙස බලන්නට ක්‍රීඩා බලධාරීන් ඇය ගැන දන්නේ නැත.පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට යන්නට ගිවිසුම් අත්සන් කරන්නට නෙත්මි පැමිණි හැටි LNW වෙත සිහිපත් කළේ ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනයේ ලේකම් අජන්ත රත්නායකය.
“කෙල්ල මහා වැස්සෙ තෙමී ගෙන බයිසිකලයක ආවෙ.අපිට ඒයා ළඟට යන්න වත්කමක් නැහැ.එයාව ඊට වඩා හොද හැටියට ගෙන්න ගන්න වත්කමකුත් නැහැ”
අජන්තගේ කතාවේ නෙත්මිගේ පමණක් නොව සමස්ත මල්ලව පොර ක්‍රීඩාවේම ඛේදවාචකය ගැබ් වී තිබෙන්නේය.
මේ අඩු සැළකිල්ල නිසාම මේ වන විට නෙත්මිගේ පදක්කම ගැන වර්ණනා වැඩි පුර මතු වෙමින් ඇත.ඒ ජයග්‍රහණයේ ප්‍රතිචාරය.එහෙත් නෙත්මීගේ හෙට දවස මීටත් වඩා තීරණාත්මකය.දැනට දේශිය රෙදි පිළි ව්‍යාපාරිකයෙකු වන ටෙෂාන් සිය ගෝර්ඩන් ව්‍යාපාරයෙන් ඇයට ක්‍රීඩා ඇඳුම් ලබා දීම සිඳු කරන අතර ක්‍රිස්බෝ ශිෂ්‍යත්වය හැරෙන්න 18 හැවිරිදි ඇයව ගොඩ නඟන්නට හැකි පිළිගත් ක්‍රමයක් ගැන කතා බහක් නැත.අවශ්‍යය තව බොහෝ කල් ඉදිරියට ඉතිරිව තිබෙන මේ කෙල්ල ගැන වැඩි සැළකිල්ලක්ය.ඒ සඳහා ලංකාවේ ක්‍රීඩාව මල්ලව පොරවලට සළකන තැන සිටම වෙනස් විය යුතුව ඇත.
නෙත්මිලාට සුරංගලාට සාපේක්ෂව සිතන කළ මතකයට එන්නේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය ය.එහිදී ද පන්සලේ කලාව කරන මිනිස්සු පලවා හරින සේ මේ කතාවේද බෞද්ධයන් සුරංගට පුහුණුව සඳහා විහාරස්ථානය ලබා දී තිබුණ ද,පසුව එයින් ඉවත් කරගන්නට සිඳු ව ඇත.ඒ කෑ ගසන බව කියමින්ය.තැනින් තැන පුහුණු මෙට්ටත් රැඟෙන ඇවිදපු සුරංග අවසානයේ තමන්ගේ ගෙදරම ක්‍රීඩා කරන දෙමව්පියන්ගේද මහන්සිය යොදාගෙන පුහුණුවට හදා ගත් මඩුවක් වැනි තැන අද වන විට ශ්‍රී ලංකාවේ මල්ලව පොර ඉතිහාසය වෙනස් කර ඇත.
සුරංග යනු ජාත්‍යන්තර දැණුම සහිත පුහුණුකරුවෙක් නොවේය.එහෙත් ජාත්‍යන්තර දැණුම සුරංගට මෙන්ම නෙත්මීට ද දිය යුතුව ඇත.සුරංගගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟ තැනෙන නෙත්මී කොළම වරප්‍රසාද පංතියේ පුහුණුකරුවෙක් සමඟ පොදු රාජ්‍ය මණ්ඩලීය තරග සඳහා පිටත් කරනු වෙනුවට ශ්‍රී ලංකා මල්ලව පොර සංගමය ඊට සුරංගවම එක් කරන්නට ගත් උත්සාහය ද වැදගත් ය.නමුත් දැන් අලුත් අය සොයනු වෙනුවට මල්ලව පොර සංගමයට සුරංගව අලුත් කරන වැඩේට ක්‍රීඩා අමාත්‍යංශය,ජාතික ඔලිම්පික් කමිටුව වැනි ආයතන මැදිහත් විය යුතුය.ඒවාට නිශ්චිත අධ්‍යාපනික සුදුසුකම් සොයා වෙහෙසනෙු වෙනුවට අවශ්‍යය තැන් හා කතා කර සුරංග වෙනුවෙන් පාර තනනු කියන්නේ තවත් නෙත්මිලාගේ මතුවීම පිණිස රටට සෙත සෑදීමය.දැනට ඒ සඳහා ලබා දී ඇති හංගේරියානු ශිෂ්‍යත්වයද මේ ජයග්‍රහණයට බෙහෙවින් බල පෑ බව අප පිළිගත යුතුය.
නෙත්මි, නෙත්මි යනුවෙන් අද බොහෝ දෙනෙක් මේ ක්‍රීඩිකාව ගැන කරන කතා බොහෝය.මාධ්‍යයකින් වුව මේ ගැන මේ ජයග්‍රහණයට පෙර සැළිකිය යුතු අවධානයකින් කතා කර තිබුණේ නුවන් ලියනගේ පමණය.ඒ නිසා මේ මොහොතේ නෙත්මි ගැන කතා කරන්නට තරග කරද්දී නෙත්මිගේ ඒ මොහොතට වඩා වැදගත් ඊ ළඟ මොහොත අපට මඟ හැරෙන්නට හැකිය.නෙත්මි බර්මින්හැම් පුරයේ පෑ රංගය අපූරුය.එය රට අභිමානයෙන් අභිමානයට පත් කළ පුරාවෘත්තයක් ලෙස මතු මතුත් ලියැවෙන ජයකි.එහෙත ඊට වඩා බලධාරීන් මැදිහත්ව ඇයව සූදානම් කළ යුතු තරගාවලියක් නෙත්මිගේ අත ළඟම ඇත.ඒ බල්ගේරියාවේ පැවත්වෙන ලෝක කණිෂ්ඨ මල්ලව පොර සූරතාවලිය ය.හැකිනම් ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානීන්ට සහ ක්‍රීඩා අමාත්‍යංශයට අමාත්‍යවරයාට තරග උළෙල නිමා වූ පසුව ඇයත් සුරංගත් සමඟ සහභාගි වීමට නියමිත 18 වන වියේම සිටින චමෝද්‍යාත් නැවත ලංකාවට ගෙනවිත් වෙහෙස නොකර බල්ගේරියාව සඳහා සුළු පුහුණුවක් සමග ඒ ආසන්නයේම ඇති හංගේරියාවේම රැඳවිය හැකිනම් ඉතාමත් වැදගත්ය. නෙත්මිට තවත් රටේ බලාපොරොත්තුවක් සපල කිරිමේ උවමානවට එය කිට්ටුය.
නමුත් යන හැඩේ වෙනස් කරන්නට මැදිහත් වීම පසෙකලීම, ඒ සඳහා වෙහෙසෙන්නට අවශ්‍යය නිසා අත අරින පරිපාලන ව්‍යහුයක නෙත්මිටත් සුරංගටත් නැවත මෙරටට පැමිණ යන්නට සිඳුවන්නේනම් ඒ ගැන පුදුම වන්නට දෙයක් නැත.ඒ ලංකාවේ හැටිය.එහෙත් “ඒ හැටි” වෙනස් කර සිතුවොත් ලංකාව පුදුම කරවන දේ කරන්නට හැකි නෙත්මිලා වැනි කෙල්ලන් නොව යුපුන්ලා වැනි කොල්ලන්ද රටේ හිඟ නැත.
අපි නෙත්මිගේ බර්මින්හැම් රංගනය ගැන වශී වීම මදකට නවතා ඇයගේ බල්ගේරියා රංගනය වෙනුවෙන් අවශ්‍යය ශක්තිමත් වේදිකාව තැනීමට මැදිහත් වෙන්න සිතමු.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan