*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

වින්ස්ටන් බෙන්ජමින් සචින් මහත්තයාව අමතයි

වින්ස්ටන් බෙන්ජමින් සචින් තෙන්දුල්කාර්ව අමතමින් විමල් කුමාර කියන මාධ්‍යවේදියා සමඟ කළ පිළිසදරකදී ඇන්ටිගුවා හී ක්‍රිකට් නඟා සිටුවන්න උපකාර ඉල්ලා තිබෙනවා. හිටපු කොදෙව් වේග පන්දු යවන්නා මේ ආකාරයට උපකාර ඉල්ලා ඇත්තේ සෘජුවම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සඳහා නොවේ.එය අනියමින් කොදෙව් ක්‍රිකට් සඳහා බලපාන්නේ දැන් කොදෙව් ක්‍රිකට් නියෝජනයට ඇන්ටිගුවා සහභාගීත්වය වඳ වෙමින් පවතින නිසා. බෙන්ජමින්ගේ ඒ ඉල්ලීම යටින් තිබෙන්නෙත් මේ ඛේදවාචකය ගැන ඉඟියයි.

වර්ථමානයේ කොදෙව් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නට ඇන්ටිගුවා සහ බාර්බුඩා දූපත්වලින් සිටින්නේ රකීම් කෝර්න්වෝල් පමණයි.ඊට පෙරත් 2011 දී ඇන්තනි මාර්ටින්ස් ඉතා සුළු කාලයකට කොදෙව් දූපත් නියෝජනය කළත් ආසන්න කාලයේ ඇන්ටිගුවා නියෝජනයන් ඉතාමත් විරලයි.සුපිරි ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචඩ්ස් පවා බිහි වුණේ ඇන්ටිගුවා සහ බාර්බුඩා දූපත් වලින් වන අතර රිචී රිචඩ්සන්,ඇන්ඩි රොබට්ස්,කර්ට්නි ඇම්බ්‍රොස්,සහ ලිපියට තුඩු දෙන වින්ස්ටන් බෙන්ජමින් වැනි අපූරු ක්‍රීඩකයො ගණනාවක් ඉන්නවා.

ඉතිහාසයේද වැඩිම දුෂ්කරතා දරාගෙන කොදෙව් ක්‍රිකට්වලට එක් වූ පිරිස ඇන්ටිගුවාවෙන් ආ බව හැඟෙන්නේ වින්ස්ටන් බෙන්ජමින්ගේ ප්‍රවේශයටද මඟ සැකසෙන්නේ ඔහුට විවියන් රිචඩ්ස් ලබා දුන් ශිෂ්‍යත්වයකින්.නමුත් කාලයක සිට එරට ඇති ආර්ථික අපහසුතාවයන් නිසා ක්‍රිකට් හී ගුණාත්මක තත්ත්වයෙ යම් වැටීමක් තියෙනවා.අඩුම තරමෙ වින්ස්ටන් බෙන්ජමින්ට සිය පුත්‍රයාව ක්‍රිකට්වල පමණක් නොව ඇන්ටිගුවාවේවත් රඳවා ගන්නට හැකි වන්නේ නැහැ.රාජ් බෙන්ජමින් වන ඔහු ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී මෙන්ම ගෙවුණු ඇමෙරිකා ඉයුජින් ලෝක සූරතාවලියේදී ද මීටර් 400 කඩුලු ඉසව්වේ රිදී පදක්කම්ලාභියා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින්.ඇන්ටිගුවා හි ක්‍රිකට්වලට වඩා ක්‍රීඩාව වෘත්තියක් හැටියට තෝරා ගැනීමේදි කොදෙව වැනි විශාල අවකාශ්‍යකට වඩා මලල ක්‍රීඩා තමන්ගේ දූපත නියෝජනය කරන්නට තිබෙන ඉඩ රාජ්ට මලල ක්‍රීඩාව තෝරා ගන්නට හේතු වන්නට ඇති.ඔහු යොවුන් ක්‍රීඩකයෙක් හැටියට කැරිෆ්ටා ක්‍රීඩා උළෙලට ඇන්ටිගුවා නියෝජනය කර තිබෙනවා.ඒ අවුරුදු 20 න් පහළ ක්‍රීඩකයෙක් හැටියට 2015 වසරේදී යි.

නමුත් වින්ස්ටන් බෙන්ජමින් තවමත් ඇන්ටිගුවා ක්‍රිකට්වලට ආදරය කරනවා. ඔහුව නිර්මාණය වූ ලිවර්ඩ් දූපත් හී ක්‍රිකට් පුහුණුකරු ලෙසත් ඔහු රෑඳි සිටියත් පසුව ඔහු එම තනතුරෙන් නෙරපා හරිනවා.වර්ථමානයේ ඔහු ,ලීවර්ඩ් දූපතේ පිහිටි ක්ලෙයාර් හෝල් ද්විතීයික පාසලේ පුහුණුකරු ලෙස සේවය කරනවා.මේ ආකාරයට ඔහු සිය දූපතේ ක්‍රිකට් වෙනුවෙන් මීට පෙර මොහොමඩ් අසාරුදින්ගෙන් උපකාර ලබා ගෙන තිබෙනවා.ඒ ක්‍රිකට් උපකරණ පරිත්‍යාගයක් ලබා ගනිමින්.සචින්ගෙන් ඔහු ඉල්ලා සිටින්නෙත් මුදල් වෙනුවට ක්‍රිකට් උපකරණයි.

“තෙන්ඩුල්කාර් මහත්මයා… ඔබමට උදව් කළ හැකි යම් මට්ටමක සිටී ද? එසේනම් මා අමතන්න”

වින්ස්ටන් බෙන්ජමින් තමන්ගේ දුරකතන අංකය සචින් වෙනුවෙන් ප්‍රසිද්ධ කරමින් එම සම්මුඛ සාකච්ඡාවේදී පවසනවා.පියෙක් හැටියට වින්ස්ටන් බෙන්ජමින් රායිගේ ධාවන දස්කම් ගැන ඉහළින් සතුටු වෙනවා.ඒ සමඟම ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට ලෝකය දැන හඳුනාගත් ඇන්ටිගුවාවේ ක්‍රිකට් වෙනුවෙන් අවශ්‍යය සහය ඉල්ලමින් ලෝකයත් කතා කරනවා.තමන් පියෙක් හැටියට පුතාගේ දස්කම් ගැන සතුටු වෙන තරමට තම මෘතෘ භූමියේ ක්‍රිකට් ක්‍රීඩාව සතුටෙන් තබන්නත් බෙන්ජමින්ට ඕනෑ කර තිබෙනවා.ඒ නිසා සචින්ට පමණක් නොවෙයි ලෝකයේ වින්ස්ටන් බෙන්ජමින්ගේ වේගයට ආදරය කළ ක්‍රිකට් සංස්කෘතිය නියෝජනය කරන හැමෝම මේ වෙලාවේ විවියන් රිචඩ්ස් බිහි කළ දූපතේ ක්‍රිකට්වලට උදව් කරන්න මැදිහත් වෙනවනම් ඒක වටින ක්‍රියාවක්.
අපි බෙන්ජමින්ට සාකච්ඡාවේදී ප්‍රසිද්ධ කළ ඔහුගේ දුරකතන අංකය තව අයගේ නෙත ගැටේවා.බෙන්ජමින්ට කතා කරන්නටත් උදව් කරන්නටත් සිත් සැකසේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමු.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan