ශක්තිමත් වෙන ඉරාන ශ්‍රී ලංකා සබඳතා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සහ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා සමඟ ටෙහෙරාන් නුවර ඊයේ (06) පැවති සාකච්ඡාවකදී ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා අවධාරණය කර ඇත්තේ ,  ඉරාන ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික සහයෝගීතා කොමිසම යළි සක්‍රිය කළ යුතු බවත් , සිය විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම මෙන්ම විශේෂඥතා ශ්‍රී ලංකාව ඇතුළු මිතුරු රටවල් සමඟ බෙදා ගැනීමට ඉරානය සූදානම් බවයි .

මෙහිදී , ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ,  අධිරාජ්‍යවාදී සහ ආත්මාර්ථකාමී විදේශ මැදිහත්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පරීක්ෂාකාරී වියයුතු බවයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා ඉරාන විදේශ ඇමති අමීර් අබ්දොල්ලාහියන් සමඟ ද සාකච්ඡාවල නිරත වූ බව ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉරාන විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ , ඉරාන ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සහ ඒකාබද්ධ කොන්සියුලර් සහ සංචාරක කොමිසම්වල රැස්වීම් පැවැත්වීම පිළිබඳ ඉරානය කැමැත්තෙන් පසුවන බවයි.

අනාගත ආර්ථීක වර්ධනයෙන් තුනෙන් දෙකක් සිදුවනු ඇතැයි අපේක්ෂිත ආසියාවේ මුවදොර වන ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ආයෝජනය කරන්නැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා එහිදී ඉරාන සමාගම්වලින් ඉල්ලීමක් කර ඇති  බවද වාර්තා වේ.

දෙරටේ  බැංකු අතර සබඳතා වර්ධනය ආර්ථික සබඳතා වර්ධනයටද ඉවහල් වනු ඇති බව, ඉරාන මහ බැංකු අධිපති මොහොමඩ් රේසා ෆර්සින් මහතා  විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවී ප්‍රකාශ කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...