දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ ගැටලුවලට ප්‍රගතිශීලී විසදුම් ලබා දෙනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දෘශ්‍යාබාධිත ජනතාවගේ අයිතින් සොයා බැලිමට ලැබීම ගැන සතුටු වන බවත් මේ අයට ජාතික සභාවේ නියෝජනයක් ලබා දීමට කටයුතු කරන අතර දෘශ්‍යාබාධිත අයට අවශ්‍ය උපකරණවලට පනවා ඇති බදුවලට සහනයක් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටිය් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ නියෝජිතයින් සමග ඊයේ (07) පැවැති සාකච්ඡාවකදී ය.

එසේම ඔවුන් සඳහා ජල සහ විදුලි සම්බන්ධතාවන්ටත් බිල්පත් වලටත් මීට පෙර ලබා දුන් සහනාධාරය නැවත ලබා දෙන බවත් ආබාධිත පවුල්වල දරුවනට ශිෂ්‍යාධාර සහ ආධාර ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආබාධිත ප්‍රජාව සඳහා රැකියා ප්‍රමාණයක් වෙන් කිරීම මෙන්ම නිවාස වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ආබාධිත හා දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ ගැටලුවලට ප්‍රගතිශීලී විසදුම් ලබා දෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...