අපි ජන්ද සටන පටන් ගන්නේ ලක්ෂ 40ක ජන්ද පදනමකින්. දැනටමත් ඉදිරියෙන් ඉන්නේ නාමල් – කුට්ටිආරච්චි

Date:

කොළඹ LNW:මේ වන විට 69 ලක්ෂයක් ජන්ද පොහොට්ටුව සතුව නැති වුණත් ජන්ද සටන ආරම්භ කරන්නේ ලක්ෂ 40ක ජන්ද පදනමක් සහිතව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.

ඒ, අද (08) බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම ජන්ද පදනම අනුව මේ මොහොත වන විටත් ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ මොහොතේ පක්ෂය අතහැර මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන සියලු දෙනාම අතහැර, ඉදිරි මහ මැතිවරණය පවා උගසට තබා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත ගොස් සිටින අයට එසේ කිරීමට ප්‍රබල හේතු බලපාන්නට ඇති බවයි කුට්ටිආරච්චි මහතා කියාසිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ජයග්‍රාහී අපේක්ෂකයෙක් ඉදිරිපත් කර තිබෙන පසුබිමක තවදුරටත් ස්වාධීන අපේක්ෂකයෙක් නොමැති බවත් පොහොට්ටුවේ සිට ගිය අය ගොස් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...