හමාස් සංවිධානයට හා ඊශ්‍රායලයට සාම සාකච්ඡා ආරම්භ කරන ලෙස ජාත්‍යන්තර බලපෑම්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායලයට හා හමාස් සංවිධානයට යළි සාම සාකච්ඡා ආරම්භ කරන ලෙස එල්ල වන ජාත්‍යන්තර බලපෑම් ඉහළ ගොස් තිබෙන අතර, ඇමෙරිකාව , ඊජිප්තුව හා කටාර් රාජ්‍යය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

ගාසා තීරය අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා එකඟතාවයකට එළඹෙන ලෙසත්, සටන් විරාමයකට හා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ එකඟතාවයකට හැකි ඉක්මනින් එළඹෙන ලෙස ඔවුන් ඉල්ලා සිටී,

සටන් විරාමය සම්බන්ධයෙන් රාමුගත ගිවිසුමක් සකස් කර ඇති අතර එය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් කරුණු පමණක් ඊට ඇතුළත් කිරීමට ඉතිරිව ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. අගෝස්තු 15 වන දින දෝහා හෝ කයිරෝ අගනුවරදී පැවැත්වීමට නියමිත යෝජිත සාකච්ඡා සඳහා නියෝජිතයන් සහභාගී කරවන බව ඊශ්‍රායලය සඳහන් කර ඇත..

ඒ සම්බන්ධයෙන් හමාස් සංවීධානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...