හිටපු ඇමති කෙහෙළියගේ ඉල්ලීම ගැන තීන්දුව තවත් කල් යයි!

කොළඹ LNWප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය අවසන් වන තෙක් තමාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ගොණු කර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම කල් තබා තිබේ.

එම නියෝගය අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.තිබුණු නමුත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එම තීන්දුව ප්‍රකාශ කිරීම සැප්තැම්බර් 4 වැනි දින දක්වා කල්තබන බවයි ප්‍රකාශ කර තිබෙන්නේ.

මේ අතර හිටපු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන තීන්දුව සහ ඔහු ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳව තීන්දුව ද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...