කඩෙන් කන අයට සුභ පණිවුඩයක්! (VIDEO)

Date:

ගෑස් මිල,ඉන්ධන මිල මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් යම් ප්‍රමාණයකින් අඩු වීම නිසා එහි වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙමින් අද දින සිට තේ කෝප්පයක සහ කෑම පැකට්ටුවක මිල අඩු කිරීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති අසේල සම්පත් මහතා අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ තේ කෝප්පයක මිල රු. 30 ක් දක්වාත් රු. 200ට වැඩි කෑම පැකට්ටුවක මිල 10%කින් අඩු කිරීමටත් තීරණය කර ඇති බවයි.

මෙය අද සිටම ක්‍රියාත්මක බවයි ඔහු පැවසුවේ.

මෙයට පරිබාහිරව යම් කිසි හෝටලයක් ආපනශාලාවක් කටයුතු කරන්නේ නම් 078 871 47 26 යන දුරකථන අංකයට දැනුම් දීමට කටයුතු කරන ලෙස අසේල සම්පත් මහතා පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...