පුහු ටෙලි නාට්‍ය වෙනුවට ඇත්ත විධායක කමිටු ක්‍රමයකට යමු – සජිත්

Date:

බලවත් ශක්තිමත් විධායක කමිටු ක්‍රමයක් පාර්ලිමේන්තුව හරහා ගොඩනගමින් රට මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමට කැපවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සර්ව පාක්ෂිකව එකට එක්වූ බව නාමිකව ලෝකයට පෙන්වන්නට කරනු ලබන ටෙලිනාට්‍යයකට තමන් කිසිසේත් එකඟ නොවන බවත් ශක්තිමත්
විධායක බලතල සහිත පාර්ලිමේන්තු කමිටු ක්‍රමයක් හරහා පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ටම රට ගොඩනැගීමේ කටයුත්තට දායක කරගත යුතු බවත් විපක්ෂ නායකයා අවධාරණය කරනවා.

රට බරපතළ ව්‍යසනයකට වැටී ඇති මොහොතේ අප සියලු දෙනාගේම අරමුණ වන්නේ එකට එක්ව සර්වපාක්ෂිකව මේ රට ගොඩනඟා ගැනීම බවත්, එහෙත් අද වනවිටත් මේ රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට රජය කටයුතු කර ඇතැයි ද විපක්ෂ නායකයා පැවසීය.

මීට පැය කිහිපයකට පෙර ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු පැහැරගෙන ගොස් ඇති බව පැවසූ විපක්ෂ නායකයා තරුණ පරපුර අභිරහස් අන්දමින් පැහැරගැනීමට ලක්වෙමින් සිටින බවද පවසනවා.

ජාතික ප්‍රතිසංස්කරණ සදහා වූ වැඩපිළිවෙළ සැකසීමේ කමිටුවේ විශේෂ රැස්වීමක් අද (08) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. දේශපාලන නායකයින්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, විද්වතුන් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ.

මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙම කමිටුව රැස්වී ජාතික ප්‍රතිසංස්කරණ සඳහා වූ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. මේ රටේ ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයකට ආධාර සහ පෝෂණ ශක්තිය අවශ්‍යව තිබෙන බවත්, එකී පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය මුදල පවා රටෙන් නැති තත්වයක් උද්ගතව තිබෙන බවත් ඒ මහතා පැවැසීය.

මේ රටේ මව් පරපුර දරු පරපුර පුරවැසි පරපුර සහ තරුණ පරපුර නගා සිටුවීම වෙනුවෙන් සුවිශේෂී මැදිහත්වීමක් කළ යුතු වකවානුවක් එළඹ තිබෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, එවන් මොහොතක රටට පාරක් පැටවෙන කිසිම කටයුත්තකට සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය යොමු නොවෙන බව ද ඒ මහතා පැවැසීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...