*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ඉම්රාන් ඛාන්ට වසර 5ක් යනතුරු දේශපාලනය තහනම්

පසුගිය සෙනසුරාදා (05) දූෂණ නඩුවකට සිරදඬුවම් නියම වූ පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර පහක් යන තුරු දේශපාලනය තහනම් කර ඇති බව පාකිස්තාන මැතිවරණ කොමිසම (ECP) නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

2018 සිට 2022 දක්වා අගමැතිව සිටි කාලය තුළ විදේශ රටවලින් ලබාගත් වත්කම් වැරදි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ හිටපු අගමැතිවරයා මෙලෙස සිරගත වූ අතර මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ “ඉම්රාන් අහමඩ් ඛාන් නියාසි වසර පහක කාලයක් සඳහා නුසුදුස්සකු” බව එහි සඳහන් වූ බවයි.

පකිස්තාන නීතිය යටතේ, පාකිස්තාන මැතිවරණ කොමිසම (ECP)විසින් නිර්වචනය කරන ලද කාල සීමාවක් සඳහා වරදකරු වූ පුද්ගලයෙකුට කිසිදු රාජ්‍ය කාර්යාලයකට ඉදිරිපත් විය නොහැකි වන අතර මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඛාන්ගේ සහායක සුල්ෆිකාර් බුහාරි ප්‍රකාශ කර තිබුණේ, ඉම්රාන් ඛාන් දේශපාලනික වශයෙන් නුසුදුස්සෙකු බවට පත් කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට නියමිත වන බවයි.

සශිකලා මධුෂාණී_Outboundtoday

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan