අගමැති සමග කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවේ මහා කාලගෝට්ටියක්

Date:

පාර්ලිමේතුවේ අග්‍රාමාත්‍යවරයාගේ නිල කාමරය තුල කොලඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පපවත්වා ඇති අතර, මෙයට සාගල රත්නායක මහතා ද සහභාගී වී ඇති බව වාර්තා වේ . තවද කොලඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා දේශපලඥයින් කිහිප දෙනෙකුද සහභාගී වී සිටි බව කියැවේ.

.මෙහිදී පොදුජන පෙරමුණෙන් වෙන්වී ජනාධිපතිවරයාට සහාය පලකල කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මහතා විසින් කඩුවෙල ආසනය තමාට ලබාදෙන ලෙස ඉල්ලා ඇත.මෙහිදී කෝපයට පත් සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා මම තමයි ජේශ්ඨ මගෙ ආසනේ කොහොමද තමුන්ට දෙන්නෙ යැයි බැන වදින්නට වූ බව වාර්තා වේ.

කෙසේ හෝ දෙදෙනාම වාග් ප්‍රහාර එල්ල කරගත් අතර දැඩි වෙහෙසකින් පසුව ඔවුන් දෙදෙනාව සන්සුන් කරන්නට අග්‍රාමාත්‍යවරයාට සිදුව ඇත .තවද සාගල රත්නායක මහතා විසින් මධුර විතානගේ මහතාගෙන් කෝට්ටේ ආසනය වෙනස් කරනවාදැයි කල ඉල්ලීමද මධුර විතානගේ විසින් ප්‍රතික්ෂේප කරන ලද බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...