සිවිල් ආරක්ෂක නිලධාරීන් බලගන්වන්නත් සජිත්ගෙන් වැඩපිළිවෙලක්!

Date:

කොළඹ LNW:රජයට සිවිල් ආරක්ෂක නිලධාරින්ගේ කැපකිරීම අමතක වී ඇතැයි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රට තුළ 32000ක් පමණ සිවිල් ආරක්ෂක නිලධාරින් පිරිසක් සිටින අතර ඔවුන් යුද ජයග්‍රහණය වෙනුවෙන් කළ කැපකිරීම රජයට අමතකව ගොස් ඇති බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

ඔවුන්ගේ එම කැපකිරීම් රු ලක්ෂ 30කට තක්⁣සේරු කර ඇති බවත් මේ ආකාරයට රටේ රණවිරුවන්ට අපහාස හා අවමාන කර ඇති බවත් හෙතෙම කියාසිටියි.

එම නිසා සමගි ජන බලවේග රජයක් තුළ සිවිල් ආරක්ෂක බලකාය ශක්තිමත් කරමින් මොවුන්ගේ සුරක්ෂිතභාව තහවුරු කරන යහපත් ප්‍රගතිශීලී වැඩසටහනකට යොමුවන බවයි ප්‍රේමදාස මහතා කියාසිටින්නේ.

එසේම ක්ෂේත්‍රයෙන් ස්වකීය කැමැත්තෙන් ඉවත් වන අයට සාධාරණ වන්දියක් ලබා දී නිසි ගෞරවය ලබා දෙන බවත් කවුරුවත් බලයෙන් ඉවත් නොකරන බවත් නව ක්‍රමවේදයකට ප්‍රවේශ වී ද්විත්ව අරමුණු සාක්ෂාත් කිරීමට කටයුතු කරන බවත් තවදුරටත් විපක්ෂ නායකයා පවසා සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යයක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සහ එම පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවේදීය.

මේ ක්ෂේත්‍රය වටිනාම සම්පතක් බවට පත් කරන බවත් ඔවුන්ගෙන් රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන වැඩපිළිවෙළකට යොමුවන බවත විපක්ෂ නායකවරයා පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...