*
Friday, March 29, 2024
spot_img

Latest Posts

පෝස්ට්මොඩර්න් වනාන්තරයක මෑන් වර්සස් බී

සිනමාව නම් මෙහෙමයි ටෙලිඩ්‍රාමා ,  ටෙලිසීරීස්  මෙහෙමයි කියල බව්න්ඩ්‍රි ලයින්ස් මාක් කරපු යුගය දැන් ඉවරෙටම ඉවරයි. මේවට තිබුණු යුනික් ෆීචර්ස් දැන් තියෙන්නෙ එකකට එකක් මික්ස් වෙලා. නෙට්ෆිල්ක්ස් වගෙ ප්ලැට්ෆෝම් බිහිවෙන්නෙ අන්න ඒ කිව්ව ෆ්‍ර්‍රේම්ස් කඩාගෙන. අපි දැන් මූවි බලන්න තියටර් එකට යන්නෙම නෑ. ටෙලිසීරීස් බලන්න ටෙලිවිශන් එක ඉස්සරහට යන්නෑ. ගොඩක් වෙලාවට නෙට්ෆිල්ක්ස් එකේ තියෙන අයිටම්ස් ඔය කියන මාස් මීඩියාවලට එන්නෙත් නෑ. ඒක වෙනම වැඩක්. වෙනම තැනක්. 

මිනිසාට එරෙහිව මී මැස්සා එහෙම නැත්තං  මෑන් වර්සස් බී. නෙට්ෆිල්ක්ස් එකේ විතරක් තියෙන කොමඩි සීරීස් එකක්. චැප්ටර්ස් නවයයි. මේන් කැරැක්ටස් දෙකයි. ශෝට් ඇන්ඩ් ස්වීට්. බට් ද කන්සෙප්ට් ඊස් වයිඩ්. දන්න කියන ඇක්ටර් කෙනෙක්. රෝවන් ඇට්කින්සන්. ඔයාලා මෑන්ව දන්නෙ මිස්ටර් බීන් කියල. හැබැයි බීන්ගෙ සීන් එකක් නෙවේ මේකේ තියෙන්නෙ. ඊට වඩා ෆුල් ඉමෝශනල්. 

මෙතන ඉන්නෙ මිස්ටර් ට්‍රෙවෝර් බින්ග්ලි. බීන් දිහා බලාගෙන ට්‍රෙවෝර් දිහා බලන්න බෑ. ඔක්කෝටම ඉස්සෙල්ලා ඒක කියන්ඩෝනෙ. ඒක රූල් එකක්. හරි දැන් අපි පටන් ගමු. කපල් එකක් ඉන්නව. උන් දෙන්නා දවස් ගානක ට්‍රිප් එකක් යන්න හදනවා. හිතාගන්න බැරි තරං වෙල්දි ඩබලක්. හිතාගන්නවත් බැරි තරමට එක්ස්පෙන්සිව් දේවල් ලොට් එකක් ඒ ගේ අස්සෙ තියෙනවා. ළමයෙක් වගේ හදාගන්න බලු කුක්කෙකුත් ඉන්නවා. මේ ඔක්කොම තනියම දාලා යන බෑ. ඒ නිසා මේ හැමදේම බලාගන්න හවුස් කීපර් කෙනෙක්ව ඕඩර් කරනවා. අන්න ඒ හවුස් කීපර් තමා ට්‍රෙවෝර්.  රස්සාවක් හොය හොය හිටපු ඉනසන්ට් මෑන් කෙනෙක්. ලවින්ග් ඩෑඩ් කෙනෙක්. 

පොර හරිම ආසාවෙන් තමා වැඩේට එන්නෙ.   ගෙයක් බලාගන්න එකත් ගේමක්ද කියලා උඹලට මට හිතුණට, ඒ ගේ බලාගන්න එක ෆුල් මාවලස් ගේමක්ම තමා. දොරවල් අරින්න වහන්නත් පාස්වර්ඩ් තියෙනවා. අල්මාරියක දොරක් අරින්න පවා පාස්වර්ඩ් තියෙනවා. ඒ තරම් කම්ප්ලිකේටඩ් ගෙදරක්.  ස්මාර්ට් ෆෝන් එහෙකටත් බොහොම අමාරුවෙන් පුරුදු වෙච්ච ඒ වයසෙ මෑන් කෙනෙක්ව අර වගේ එන්වර්මන්‍ට් එහෙකට අතාරිනවා කියන්නෙ  ෆුල් නස්තාර් වෙනවා. ඔය අස්සෙ තමා ගේ අස්සට මී මැස්සෙක් රිංගන්නෙ. එතන ඉඳලා ට්‍රෙවෝර් වර්ස් බී වෝර් එක පටන් ගන්නවා. මී මැස්සට ශොට් එකක් දෙන්න යන හැමවෙලේම ශොට් එක වදින්නෙ ඒ ගෙදර වටිනා බඩු මුට්ටුවලට. විනාස සාගරයයි. 

ඔය මෙසී කේස් අස්සෙ මී මැස්සව මරන්න යන හැම වෙලාවකම අපේ මෑන්ට කොහෙදෝ නැති අනුකම්පවක් එනවා. කොච්චර වදයක් උනත් සතෙක් මරන්න තරම් මිනිහට හිත හදාගන්න බෑ. ඒ සීන් බලනකොට පපුව පලාගෙන යනවා. ෆුල් අනාථ වෙලා හිටියත් මිනිහා ඉන්නෙ හිනාවෙලා.  ගෙදර විනාස වෙච්ච දේවල්වල වටිනාකම ගැන ඌට කිසිම තේරුමක්වත් නෑ. තමන්ගෙ වයිබ් එකට අහු වෙන්නෙ නැති සර්ෆේස් ගැන මිනිස්සුන්ට වටිනාකමක් දැනෙන්නෑ. ඒ එක සයිඩ් එකක්. වටපිටාව කම්ප්ලෙක්ස් වෙන්න වෙන්න මයින්ඩ් එක කම්ප්ලෙක්ස් වෙන එක නවත්තන්නත් බෑ. ඒ තවත් සයිඩ් එකක්. අධි පාරිභෝජනවාදී ලෝකෙක සිංහලෙන් කිව්වොත් හයිපර් කොන්සියුමින් වර්ල්ඩ් එහෙක ටෙක්නොලොජි අස්සෙ මිනිස්සු අනාථ වෙන විදිය සිරා මෙටීරියල්ස්වලින් පෙන්නවා. ඒක තවත් සයිඩ් එකක්. 

ෆුල් ස්ටෝරිය මෙතන ලියන්න baltimoraට ඕනෙ නෑ. හැබැයි මේක කියන්ඩෝනෙ. ට්‍රෙවෝර් මේ වෙද්දි වැරදිකාරයෙක්. ඉන්නෙ උසාවියේ කූඩුවේ. වරද , අර කිව්ව ගෙදර විනාස කරපු එක. මේ හැමදේම උනේ මීමැස්සෙක් නිසා…. ට්‍රෙවෝර් එහෙම කියනවා. උඩ ලිව්ව ස්ටෝරිය ට්‍රෙවෝර් උසාවිය ඉස්සර දිගාරින්නෙ තමන් වැරදි නෑ කියලා උසාවියට කන්වින්ස් කරන්න. 

මේ වගේ ස්ටෝරි එකක් චැප්ටර්ස් නවයකට ඩිවලොප් කරනවා කියන්නෙ ලේසි වැඩක් නෙවේ. හෙවී ස්ටෝරි එකක් නොවුණත් ඒක මෙගා වැඩක් කියල කියන්න පුළුවන්. පපුවට දැනෙන සීන්. ඇහැට දැනෙන කලර්ස්… මෑන් වර්සස් බී! ඒක හරි ලයිට් වැඩක්! ලයිව් වැඩක්!!

BALTIMORA

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan