චීන නැව එන ගමන් !

ඉන්දු-චීන-ශ්‍රී ලංකා අර්බුදයකට හේතු වූ චීන නෞකාව ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අදාල නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 680 ක් දුරින් පැමිණෙමින් තිබෙන බවයි.

මෙම නෞකාව ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ඉන්දීය රජය විරෝධය දැක්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට වරාය වෙත පැමිණෙන ගමන අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා රජය චීනයෙන් ඉල්ලා තිබුණා. කෙසේ වෙතත් නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබෙනවා.

චීන බළධාරීන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතාවලට බලපෑම් කිරීමට ඉන්දියාවට අයිතියක් නොමැති බවයි.

චීන නෞකාව හෙට (11) දිනයේදී හම්බන්තොට වරාය වෙත පැමිණීමට නියමිතව තිබූ නමුත් මතු වූ අර්බුදකාරී තත්වය හමුවේ එය තවත් දින කිහිපයකින් ප්‍රමාද වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...