*
Monday, September 30, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 08/10

  1. පාර්ලිමේන්තුවේ සම්මත වූ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට එරෙහිව අධිකරණයට මැදිහත් විය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන තීන්දු කරයි: දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී රජය විසින් සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාර අරමුදලේ සාමාජිකයන්ට අයත් අරමුදල් අහිමි කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති සාමාජික වසන්ත සමරසිංහ ඇතුළු 6 දෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභා කරයි.
  2. මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ඉකුත් මාස 6ක කාලය තුළ ලාභ ඉපයා ඇති අතර, එබැවින් මෑතක දී සිදුකළ ගාස්තු වැඩිකිරීම සාධාරණීකරණය කළ නොහැකි බව සමඟි ජන බලවේගයේ පා.ම. චම්පික රණවක පවසයි.
  3. එක්සත් ජනපද රාජ්‍ය ‍දෙපාර්තමේන්තුවේ “ගෝලීය දූෂණ විරෝධී” (Global Anti-Corruption) ඒකකයේ සම්බන්ධීකාරක රිචඩ් නෙෆිව් (Richard Nephew) ශ්‍රී ලංකාවේ සංචාරයක: රජය, විපක්ෂය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පෞද්ගලික අංශය සහ සිවිල් සමාජ මැදිහත්කරුවන් හමුවීමට නියමිතය: දූෂණයට විසඳුම් සෙවීමේ ප්‍රයත්නයන් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.
  4. 2009 වසරේ ආරක්‍ෂක අංශ සහ පොලීසිය විසින් අත්පත් කරගත් ඉඩම්වලින් 90% ක් ටිකෙන් ටික නිදහස් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: එවැනි ඉඩම් අක්කර 22,919 ක් පවතින අතර, ඒවා අතරින් රජය සතු ඉඩම් අක්කර 817 ක් ද, පෞද්ගලික ඉඩම් අක්කර 22,101 ක් ද වේ: මේ වන විට, ආරක්ෂක හමුදා සහ පොලීසිය විසින් අත්පත් කර ගෙන සිටින භූමි ප්‍රමාණය අක්කර 3,754 ක් වන අතර ඒවායින් අක්කර 862 ක් රජයට අයත් වන අතර අක්කර 2,892 ක් පෞද්ගලික හිමිකාරීත්වයට යටත් ය.
  5. බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු වගකීම්වල ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% සිට 2% දක්වා අඩු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කරයි: සංචිත නඩත්තු කාලය 2023 අගෝස්තු 16 සිට ආරම්භ වේ.
  6. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු මත්පැන් බලපත්‍ර 250 – 300 අතර ප්‍රමාණයක් ලබා දී ඇති බවට ජාතික ජන බලවේගයේ පා.ම. විජිත හේරත් චෝදනා කරයි: නව ඔට්ටු සහ සූදු බදු (සංශෝධිත) පනත් කෙටුම්පත මඟින් දැනට පවතින බලපත්‍ර හතරට අමතරව රට තුළ කැසිනෝ සඳහා අසීමිත බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට ඉඩ සලසා දෙන බව ද පවසයි.
  7. රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ඉකුත් දිනක 3 හැවිරිදි දරුවකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය බොරැල්ල පොලීසියට නියෝග කරයි.
  8. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මෑත දින ඉන්දීය සංචාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විශ්වාසය ගොඩනැඟීමේ ක්‍රියාවලිය තහවුරු කර ඇති අතර, ඉන්දියාවේ ආරක්ෂාව ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ලෙස දැකීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පවසයි.
  9. වෙළඳපොල තුළ “ලාභ ඉපැයීම” ප්‍රවණතාවයක් වීමෙන් පසු කොටස් වැසී ගොස් ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති: සියලු කොටස් මිල දර්ශකය (ASPI) 0.79% කින් (ලකුණු 92 කින්) ලකුණු 11,632 දක්වා පහතට: ආර්ථිකය යම් ස්ථාවරත්වයක් සහ ප්‍රකෘතියක් පෙන්නුම් කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස බැංකු අංශය සහ බ්ලූ චිප් කවුන්ටරවලට (blue chip counters) මිලදී ගැනීමේ බලය හිමිව ඇති බව ද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
  10. ඊශ්‍රායලයේ අර්කියා එයාර්ලයින්ස් (Arkia Airlines) එරට ටෙල් අවිව් නුවර සිට ශ්‍රී ලංකාව දක්වා ප්‍රථම සෘජු ගුවන් ගමන ආරම්භ කිරීමට සැලසුම් කරන බව නිවේදනය කරයි: මංගල ගුවන් ගමන ඔක්තෝබර් 31 දින පැමිණීමට නියමිත ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan