හවායි දූපතේ ඇති වූ ලැව්ගිනි තත්ත්වයෙන් පුද්ගලයින් 6ක් මරුට!

හවායි දූපතේ Maui හි පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.

පැසිෆික් සාගරයේ ආසන්නයේ ඇති වූ සුළි කුණාටුවකින් ඇති වන සුළඟින් ගිනි ගැනීම් හේතුවෙන් දහස් ගණනක් විදුලිය හෝ ජංගම දුරකථන සේවාවක් නොමැතිව සිටිති.

Maui ට යාබද දූපතක් වන Hawaii island ලෙසද හැඳින්වෙන Big Island හි ද ගිනිදැල් කිහිපයක් ඇවිලෙමින් පවතී.

සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන අතර මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ඔවුන් අනතුරු අඟවයි.

බලධාරීන් විසින් ජනතාව අසල්වැසි ප්‍රදේශවලින් ඉවත් කරමින්, මාර්ග වසා දැමීමට සහ ඔවුන්ට සහන සැලසීමට කටයුතු කර ඇත.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...