අන්තරේ පිරිසක් අත්අඩංගුවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවක් අද (10) පස්වරුවේ ස්ථාන කිහිපයකින් ආරම්භ කෙරුණු අතර එක් විරෝධතා පාගමනකට කිරුළපනදී පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර තිබුණු අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ පිරිසක් ටවුන්හෝල් හිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව එම පිරිස නුගේගොඩ දක්වා පැමිණ නාවල විවෘත විශ්වවිද්‍යාලය භූමියට ඇතුළුවී විරෝධතාවය අවසන් කර ඇත.

ටවුන්හෝල් ප්‍රදේශයේදී ද පොලීසිය විසින් ජල ප්‍රහාරයක් ඉල්ලකර පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබූ අතර එහිදී මෙම පිරිස අත්අඩංගුවට පත්වී ඇති බවයි පැවසෙන්නේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) පෙරවරුවේ නියෝග ද නිකුත් කර තිබුණු අවස්ථාවකයි මෙම සිදුවීම වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...