බුස්ස බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ වැඩ තහනම්

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ (LNW):

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින දරුණු ඝනයේ අපරාධකරුවකු වන ගනේමුල්ල සංජිව නැමැත්තා වෙනත් සිරකුටියකට මාරුකරණ ලෙස බන්ධනාගාර අධිකාරිවරයා විසින් ලබාදුන් නියෝගය ප්‍රතික්ෂේප කිරිම සම්බන්ධයෙන් බුස්ස බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ වැඩ තහනම් කිරිමට කටයුතු කළ බැව් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ගාමිණි බි. දිසානායක පවසයි.

බුස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් මෙකී ජේලර්වරයාට ලබා දුන් නිත්‍යානුකුල නියෝගය නොපිළිපැදිම සම්බන්දයෙන් විනය පරික්ෂණයකට යටත්ව ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව වැඩ තහනම් කිරිමට කටයුතු කළ බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. මෙකි ජේලර්වරයා සම්බන්දයෙන් විනය පරික්ෂණයක් සිදුකිරිමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

ගනේමුල්ල සංජිව නැමැත්තාගේ සිර කුටිය තුල තිබි ජංගම දුරකථනයක් හමුවි ඇති අතර ඉන් පසු ඔහු වෙනත් සිරකුටියකට මාරුකරණ ලෙස බන්ධනාගාර අධිකාරිවරයා විසින් ජේලර්වරයාට නියෝගකොට ඇති බවද බුස්ස බන්ධනාගාරයේ ආරංචි මාර්ග සදහන් කරයි.

මොහු වෙනත් සිරකුටියට මාරුකිරිමට යාමේ දි ජේලර්වරයා හා ගනේමුල්ල සංජිව නැමැත්තා අතර බහින්බස්විමක් ඇති වි තිබෙන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...