පොහොට්ටු සාගරගේ තීරණය වෙනස් වෙයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ (LNW):

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු එකසිය දෙදෙනකුට එරෙහිව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තුරු විනය පියවර නොගැනීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට විරුද්ධව කටයුතු කරන මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය පියවර ගෙන ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගියදා තීරණය කළේය.

මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි අවධානයක් යොමුකර ඇත්තේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා දිනවීමට අදාළ කටයුතු සඳහා බවත්, පක්ෂය හැරගිය මන්ත්‍රිවරුන්ට විරුද්ධව නිසි වේලාවට විනය පියවර ගෙන ඔවුන් ඉවත් කරන බවද මහ ලේකම්වරයා කීවේය.

පාර්ලිමේන්තුව පවතින්නේ තවත් මාස දෙකක කාලයක් පමණක් බවත්, මෙම කාලය තුළදී මන්ත්‍රිවරුන්ට විනය පියවර ගතහොත් ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබීමට තවත් කාලයක් ගතවනු ඇතැයිද ඔහු කීවේය.

කෙසේ නමුත් පක්ෂයේ අපේක්ෂකයාට විරුද්ධව කටයුතු කරන මන්ත්‍රිවරුන්ට විරුද්ධව විනය පියවර ගන්නා බවට පක්ෂය ගත් තීන්දුව සම්බන්ධව එම මන්ත්‍රිවරුන්ට මේ වනවිට ලිපි යැවීමකින් තොරව දැනුම් දී තිබෙන බවත්, මේ වෙලාවේ පක්ෂය හැරදමා යන පිරිසට සිදුවන්නේ අනාථ වීම පමණක් බවත් කී ලේකම්වරයා, පක්ෂය හැර දමා ගිය පිරිසට එරෙහිව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී යම් තීන්දුවක් ගන්නා බවද සඳහන් කරයි.

පක්ෂය හැර දමා ගිය මන්ත්‍රි කණ්ඩායමට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදෙන්නේ දැයි විමසීමේදී ඒ පිළිබඳව එම අවස්ථාවේදී තීරණය කරන බව හෙතෙම පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...