ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මෙම වසරේ ජුනි මාසය වනවිට කුරුඳු සහ කුරුඳු ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් කෝටි 4000ක වාර්තාගත ආදායමක් ලබා ඇතැයි කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව එය ඇමෙරිකා ඩොලර් මිලියන 25ක වැඩිවීමක් වන අතර ඉතිහාසයේ වැඩිම මුදලකට කුරුඳු අලෙවි වන අවස්ථාව මෙම කාලය බව දැක්වෙයි.
ඒ අනුව ඇල්බා ශ්‍රේණියේ කුරුදු කිලෝවක් සඳහා රුපියල් 7,500ක් මෙන්ම සී5 ශ්‍රේණියේ කිලෝ එකක් සඳහා රුපියල් 5,500ක 6,000ක අතර මිල නියම වී ඇතැයි සඳහන්.
පවතින තත්ත්වය මත මෙම වසර අවසන් වනවිට කුරුඳු අපනයනයෙන් ඇමරිකා ඩොලර් මිලියන 300ක ආදායමක් ලැබෙනු ඇති බවට පුරෝකතනය කර ඇති අතර කුරුඳු කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය රුපියල් ලක්ෂ 2,500ක මුදලක් වෙන්කර තිබේ.


