*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට සාධාරණය ඉටුවීම සතුටක් – කරූ ජයසූරිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට යුක්තිය ඉටුවන ආකාරයක් පෙනෙන්නට තිබීම සතුටට කරුණක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා වන කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි .

එහිදී එතුමා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ,දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව නගාතිබූ චෝදනා විමර්ශනය කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එකී චෝදනාවන්ගෙන් නිදොස්කොට නිදහස් කරන්නට තීරණය කර තිබීම සලකන්නේ සිය හෘද සාක්ෂියට අනුගතව නීතිය ක්‍රියාකරන්නට  කටයුතු කරන අප රටේ රාජ්‍ය නිළධාරීන්ට කළ දිරිගැන්වීමක් බවයි.

එම නිවේදනය පහතින් දැක්වේ,

“අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට යුක්තිය ඉටුවන ආකාරයක් පෙනෙන්නට තිබීම සතුටට කරුණකි”

හඬපටයක් උපයෝගී කරගනිමින් එල්ලකර තිබූ චෝදනාවක් හේතුවෙන් වැඩතහනමකට ලක්ව සිටි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක  මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනාරාල්වරියක වූ ජනාධිපති නීතීඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට කාලයක් ගතවීමෙන් පසුව හෝ යුක්තිය ඉටුවන ආකාරයක් පෙනෙන්නට තිබීම පිළිබඳව අප අපගේ ප්‍රසාදය පළකරන්නෙමු.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව නගාතිබූ චෝදනා විමර්ශනය කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එකී චෝදනාවන්ගෙන් නිදොස්කොට නිදහස් කරන්නට තීරණය කර තිබීම අප සලකන්නේ සිය හෘද සාක්ෂියට අනුගතව නීතිය ක්‍රියාකරන්නට  කටයුතු කරන අප රටේ රාජ්‍ය නිළධාරීන්ට කළ දිරිගැන්වීමක් ලෙසටය.
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව නගාතිබූ චෝදනා සැලකීමේදී ඇතැම් කූට බලවේගයන් අතීතයේදී  රටතුළ ගොඩනගාගෙන තිබූ අසීමිත බලය තේරුම්ගත හැකිය. එමෙන්ම රටේ ප්‍රමුඛ කොමිෂන් සභාවන්හි ස්වාධීනත්වය අහිමි කරන්නට කටයුතු කර තිබීම තුළ එවැනි බලවේගයන් සක්‍රීය වූ ආකාරය ද මැනවින් වටහා ගත හැකිය. එමෙන්ම ව්‍යාජ චෝදනා මත ඇයට හිමි විය යුතුව තිබූ උසස් වීම වැළැක්වීම පාපතර ක්‍රියාවකි.

ඒ අනුව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට අදාළව ලබා දී ඇති මෙම තීන්දුව සැලකීමේදී ස්වාධින කොමිෂන් සභා වෙතින් රටේ ජනතාව අපේක්ෂා කරන ලද යුක්තිසහගත ක්‍රියාකාරිත්වය යළි  තහවුරු කරන ලද අවස්ථාවක් ලෙස එය සැලකිය හැකිය. අප එය සලකන්නේ යහපත් තත්වයක් ලෙසටය.
මෙම කරුණට පාදක වූ සිදුවීම දෙස අවධානය යොමුකිරීමේදී රටේ ඇතැම් දුෂ්ඨ බලවේගයන්හි සාහසික උත්සාහයන්හි ස්වභාවයද තේරුම් ගත හැකිය. එවැනි  තත්වයන් අප රට තුළ යළි සිදු නොවීමට වගබලාගැනීම රටේ වගකිව යුතු සෑම පාර්ශවයකම වගකීමකි. එමෙන්ම එවැනි ක්‍රියාකාරිත්වයන්  හේතුවෙන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට සිදුව ඇති බලවත් අගතිය සැලකිල්ල්ට ගනිමින් ඇයට තවදුරටත් යුක්තිය ඉටුකිරීම අදාළ ආයතනයන්හි වගකීම වන බව ද අප අවධාරණය කරන්නෙමු.
එමෙන්ම තවමත් පත් නොවුණු කොමිෂන් සභා ඉතා ඉක්මනින් පත්කර ගන්නා ලෙස ගරු කථානායක තුමා සහ ව්‍යවස්ථා සභාවේ ගරු සාමාජිකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.
2023.08.11

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan