දකුණේ විදුලිය ප්‍රශ්නය විසදෙයි. ආටිගල වත්ත උඩින් රැහැන් අදින්න එකඟතාව!

Date:

කොළඹ LNW:දකුණු පළාතට විදුලිය ලබාදීමේ දී මතුව තිබුණු පෞද්ගලික තේ වත්තේ ප්‍රශ්නය අද (11) දින නිරාකරණය වී තිබේ.

මහජන උපයෝගීතා කොමිසම විසින් පත්කළ සමථ මණ්ඩල කමිටුව ඉදිරියේදී යි එය සමථයකට පත්ව ඇත්තේ.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරීවරයා පවසන පරිදි හෙට දින එම විදුලි රැහැන් ඇදීම ආරම්භ කරන අතර දින හයක් තුළ එම කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇත.

කිසිදු වන්දි මුදලක් අය නොකර එම විදුලි රැහැන් විවාදයට තුඩුදුන් ආටිගල ඉඩමට ඉහළින් ගෙනයාමට අවසර ලබාදීමට සමථ මණ්ඩලයේදී ආටිගල පවුල එකඟතාව පළකර තිබේ.

මෙතෙක් කාලයක් එම විදුලි රැහැන් පද්ධතිය ඇදීමට ආටිගල පවුලේ එකඟතාවය පළ නොකර ඇත්තේ ඒ සම්බන්ධයෙන් වූ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිවලට ගැටලුවක් වන හෙයින් බවට ඔවුන් පවසා තිබේ.

ඕනෑම සංවර්ධන කටයුත්තක් කිරීමේදී යම් ක්‍රමවේදයක් ඇති අතර ඒ ක්‍රමවේදයට අනුව සිදුකළ යුතු බවත් අද දිනයේ ඒ සියලු ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වූ බවයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...