මැතිවරණ නියාමන පනත කඩ කළොත් කාගේ වුණත් ජයග්‍රහණය අහෝසි වෙනවා – විජයදාස රාජපක්ෂ

Date:

කොළඹ LNW:2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත උල්ලංඝනය කරන යම් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළද ඔහුගේ ධූරය අහෝසි කිරීමට අධිඅක්රන බලය තිබෙන බව ජනාධිපති ධූර අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ අනුව මැතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතු සිදුකිරීමේදී එම පනත අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ. එසේ නොවන්නේ නම ජනතාවගෙන් ලැබෙන ජන්දයට සාධාරණයක් ඉටුකළ නොහැකි බවයි ඔහු අවධාරණය කළේ.

මෙම පනතට අනුව ඕනෑම අපේක්ෂකයෙකුට වියදම් කළ හැක මුදල් ප්‍රමාණය කොපමණද යන්න දක්වා තිබේ. නාමයෝජනා භාර දීමෙන් අනතුරුව දින පහක් තුළ මැතිවරණ කොමිෂන සභාව විසින් එම මුදල් ප්‍රමාණය කොපමණද යන්න පිළිබඳව ප්‍රසිද්ධ කළ යුතු වන බව රාජපක්ෂ මහතා කියාසිටියේය.

කෙසේවෙතත් පනතේ පස්වන වගන්තිය අනුව රාජ්‍ය මුදල්,විදේශීය හෝ ජාත්‍යන්තර සංවිධානවල මුදල්,මෙරටින් බැහැරව සංස්ථාගත කළ හෝ නොකළ හෝ කුමන හෝ පුද්ගල මණ්ඩලයකින් ලැබෙන මුදල්, අනන්‍යතාව හෙළි නොකළ පුද්ගලයින්ගෙන් ලැබෙන මුදල් සහ පරිත්‍යාග මැතිවරණය සඳහා වියදම් කිරීම දණ්ඩණිය වරදක් බවයි විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ.

ඒ අනුව පසුගිය වසර දෙක තුළ පාර්ලිමේන්තුවේ මැදිහත්වීමෙන් සිදුකර තිබෙන මැතිවරණ ප්‍රතිසංස්කරණ නීති මෙවර රටේ ක්‍රියාත්මක විය යුතු වන අතර මීට පෙර මෙලෙස නීති පද්ධතියක් ක්‍රියාත්මක නොවුණු බවද හෙතෙම අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...