චීන නෞකාව 16 වැනිදා හම්බන්තොට වරායට ?

දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට හේතු වී ඇති, චීනයට අයත් ‘යුආන් වෑන්ග් 5’ නෞකාවට හම්බන්තොට වරාය වෙත ඇතුළුවීම සඳහා අවසර ලබා දී ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් මේ දක්වා රජයෙන් ඒ පිළිබඳව නිළ ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

වාර්තා වන තොරතුරුවලට අනුව චීන නෞකාවට අගෝස්තු 16 වැනිදා හම්බන්තොට වරායට ඇතුළුවීම සඳහා අනුමැතිය හිමිව තිබේ.

මෙම නෞකාව ඊයේ දිනයේදී හම්බන්තොට වරාය වෙත පැමිණීමට නියමිතව තිබූ අතර කෙසේ නමුත් ඉන්දියාවේ දැඩි විරෝධය මත නෞකාවේ ගමන කල්දැමීමට සිදුවිය. මේ වනවිට නෞකාව හම්බන්තොට වරායට නාවික සැතපුම් 600 ක් දුරින් රඳවා තිබෙනවා.

චීනය මෙරට බළදාරීන් වෙත දැනුම් දී තිබෙන්නේ දින 29 ක් තිස්සේ නෞකාව සාගරයේ ගමන් කරමින් සිටින බවයි. නෞකාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා සහ කාර්ය මණ්ඩලයේ ආහාර ඇතුළු අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉතා ඉක්මනින් එය හම්බන්තොට වරාය වෙත පැමිණිය යුතු බවද චීන බළධාරීන් දැනුම් දී තිබෙනවා.

මෙම නෞකාව ඉන්දීය සාගර කලාපයට ඇතුළුවීම තම රටේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව පවසමින් ඉන්දියාව දැඩි විරෝධය පළකළ අතර ඇමරිකාවද චීනයට විරෝධය පළකර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...