මිලක් නියම නොවූ සියල්ල භාවිතයෙන් ඉවත්වේ…

Date:

වටිනාකමක් ඇති හැම දේකටම ඉල්ලුමක් හැදෙනවා..ඒ ඉල්ලුමට සමානුපාතිකව ඒකට මිලක් තීන්දුවෙනවා..එ මිල හරහා තමා ඒක සමාජය තුල සංසරණය වෙන්නෙ. ඒ නිසා තමා ඒක පවතින්නෙත්…
මතුපිටින් මානුෂික ආධාරයක් සේ පෙනෙන සමෘධි හාල් මල්ලටත් මිලක් තියෙනවා, ඒ හාල් මල්ල ගන්න කෙනා ඒකට නොගෙව්වට ඒ හාල් මල්ලෙ මිලේ බර මහ බාන්ඩාරෙට යනවා..

අධ්‍යාපනය වෙළඳ බානඩයක් නෙමේ කීවට යථාර්ථය තුලදි අධ්‍යාපනයත් වෙළඳ බාන්ඩයක් තමා, ඒක නොමිලේ ලබාගැනීම සඳහාම පොරපිටියක් හැදිලාතියෙන්නෙම ඒක වෙළඳ බාන්ඩයක් වීම නිසාමයි…මෙතෙක් රට ණයවී ඇති ඩොලර් බිලියන පනහ ඇතුලේ දශක ගනනාවක් තිස්සෙ මේ අධ්‍යාපනයට වැයකල ධනස්කන්ධයේ බිලත් තියෙනව..එසේම ඒ අධ්‍යාපනයෙන් එළියට ආපු නිලධාරීන්ගේ පලදායී සේවයක් ලබා නොදීපු කුසීත රාජ්‍යය සේවයේ වැටුපුත් ඒ බිලියන පනහෙ ණය මල්ල ඇතුලේ තියෙනව..

අධ්‍යාපනය ලබා දීමට මිලක් අයකරන ආයතන ඒ මිල අයකරන නිසාම කඩයක් වෙනවා නම් මේ වන විට ලෝකයේ ඇති උසස්ම සරසවිත් “කඩ” විය යුතුය..
වමේ පක්ෂවල ආර්ථික දේශපාලන දැක්ම කේන්ද්‍ර ගතවෙලා තියෙන්නෙ සියල්ල රාජ්‍ය මැදිහත්වෙලා කලයුතුය යන මතයට අනුවයි…මේ ශිෂ්‍ය සටන් පසුපස ඇත්තේ ඒ වමේ ඇජෙන්ඩාවයි. එබැවින් අධ්‍යාපනය වෙළඳ බාන්ඩයක් වීම කෙසේවෙතත් මේ නොමේරූ ශිෂ්‍යයන් නම් වමේ පකෂවල වෙළඳබාන්ඩ මෙන්ම දේශපාලන බාන්ඩද බවටත් පත්වී ඇතිබව පෙනේ..

මෙහිදී නොදියුනු සමාජයට ලබාදෙන අධ්‍යාපනය සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල ඇති මිල සැඟවී ඇති බැවින් මේ නිකන් දෙන දෙයට අධිපතීන්වූ වරදාන වරප්‍රසාද ගිලින රාජ්‍ය නිලධාරී කුළකයක්ද බිහිවී ඇත..සමාජයේ ඇති පසුගාමී බව නිසාම මේ නිලධාරීවාදී දූෂන වංචා ජනතා ප්‍රශ්න කිරීමටද බාජනය නොවේ…
එසේම නිකන්දෙන දෙය තුල නාස්තිය දූෂණය සහ යටිමඩි ගැසීම් පිළිකාවක් සේ ඔඩුදුවා ඇත..මේවනවිට මේ රාජ්‍ය කේන්ද්‍ර ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවූ වෙනිසියුලාව කියුබාව වැනි රටවල් මේ නිලධාරීවාදී දූෂණ වංචාවල බරින්ම බංකොලොත් බවේ පත්ලේ ගිලී ඔවුන්ගේ ආර්ථික මොඩලය සමඟින්ම ඓතිහාසික වශයෙන්ම අවසන් ගමන් ගොස් අවසන්ය…

ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...