*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

ජනාධිපති සටනේ රනිල්ට ඇති බාධා

2024 ජනාධිපතිවරණයට සුදානම් වෙන ප්‍රධාන අපේක්ෂකයන් අතර රනිල්ට හිමිවන්නේ විශේෂ තැනක්. ගෝඨාභයගේ පලායෑමෙන් පස්සේ රනිල් අනුප්‍රාප්තික ජනාධිපති විදිහට කටයුතු කරමින් ඉන්නවා. රනිල් එක්ක ජනාධිපතිවරණයට තරඟ කරයි කියලා අනුමාන කරන්න පුළුවන් නම් විදිහට සජිත්,අනුර,ඩලස්,පාඨළී වගේ නම් කියවෙනවා.ඊට අමතරව තමන් ජනාධිපතිවරණයට තරඟ කරනවා කියන තව ගොඩ දෙනෙකුත් ඉන්නවා.

කොහොම උනත් රනිල් එක්ක තරඟයට විපක්ෂයෙන් තනි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරයි කියලා හිතන්න අමාරුයි.විපක්ෂය සන්ධාන කීපයක් විදිහට තරඟයට එයි.දැනට පෙනෙන විදිහට විපක්ෂය පැත්තෙන් ප්‍රධාන සන්ධාන දෙකක් හැදෙන්න ඉඩ තියනවා.සජිත් – ඩලස් සහ විපක්ෂ කණ්ඩායම්වල එකතුවකින් ගොඩනැගෙන සන්ධානය එකක්. මාලිමාවේ මූලිකත්වයෙන් තවත් සන්ධානයක් ගොඩනැගෙන්න පුළුවන්.පොහොට්ටුව අවසන් මෙහොතේ හරි රනිල්ට උදව් කරන තීරණයට එන්න තියන ඉඩ වැඩියි.

යම් විදිහකින් සජිත් විපක්ෂයේ අපේක්ෂකයා නොවන්නේ නම් සජබයේ සැලකිය යුතු පිරිසක් රනිල්ට ළඟට එන එක නවත්තන්න බෑ.සජිත් වෙනුවට ඩලස් ඉදිරිපත් වෙනවා නම් සජබ මන්ත්‍රී කණ්ඩායම සහ බලවේග අතර ලොකු විහේදනයක් ඇති වෙනවා.ඒ වගේ අවස්ථාවක සජබයට විකල්ප විදිහට තියෙන්නේ පාඨළී සහ ෆොන්සේකා වගේ අයයි.මාලිමාවේ අපේක්ෂකයා විදිහට අනුර කුමාර ඉදිරිපත් වෙන්නේ නැත්නම් එතනත් බරපතලම ප්‍රශ්නයක් මතුවෙනවා.අනුරගේ ඉදිරිපත් නොවීම මාලිමාව පරාජය පිලිගැනීමක් විදිහට අර්ථ ගැන්වෙනවා.

මේ සියලු තත්වයන්වල වාසිය තියෙන්නේ රනිල්ට බව මතුපිටින් බලද්දී පේනවා.ඒ වගේම රනිල් අනුගමන කරන දේශපාලන උපක්‍රමත් විපක්ෂයට සාපේකෂව දියුණු තැනක තියනවා.ගොඩක් ඒවා සජිත්ටවත් අනුරටවත් හිතාගන්නත් බෑ.සමහරවිට ඩලස්ට සහ පාඨළීට ඒවා ගැන ටිකක් හරි මීටර් වෙනවා ඇති.රනිල්ට ජනාධිපතිවරණ සටනකදී ඉදිරිපත් කරන්න පුළුවන් සටන් පාඨය ගණනාවක් තියනවා.බංකොලොත් තත්වයේ තිබුණු රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම අනිවාර්ය සටන් පාඨයක් විදිහට රනිල් උඩටම ගේනවා.

ඒ වගේම 21 වෙනි සංශෝධනය. පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාවලිය සක්‍රීය කිරීම,දුෂණ විරෝධී පණත.රනිල් ගොඩනගන ලද ජාත්‍යන්තර සබදතා ජාලය.මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත වගේ දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. සමහරවිට ජනසභා වගේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් ශක්තිමත් කිරීමත් ඔය අතර තියෙන්න පුළුවන්.ඒ වගේම 13 වෙනි සංශෝධනය පදනම් කරගෙන සිංහල සහ දෙමළ ජාතිවාදී කණ්ඩායම් සමාජය ඇතුලේ ජාතිවාදී මතවාද නිර්මාණය කිරීමේ ඉඩත් රනිල් සෑහෙන දුරට අහුරලා තියනවා.

ගොඩක් වෙලාවට සුළු ජාතික ඡන්ද පදනමේ වැඩි වාසිය රනිල්ට එන්න පුළුවන්.හැබැයි මේ මොනවා තිබුණත් රනිල්ට ජයග්‍රහණය කියන එක නම් තවමත් තියෙන්න සෑහෙන ඈතින්. රනිල් ඉන්නේ ගන්න පුළුවන් ජයග්‍රහණයක් ගිලිහෙන්න පුළුවන් අවදානම් සීමාවේ.මේ ජනාධිපතිවරණය හැම අපේක්ෂකයෙකුටම දුෂ්කර එකක්.50% කට වඩා ඡන්ද ගැනීම හැම අපේක්ෂකයෙකුටම අභියෝගයක්. සාමාන්‍යයෙන් අපේ රටේ ඡන්දදායකයා දෙවෙනි මානපයකට නොයන නිසා ජනාධිපතිවරණයෙන් පස්සේ රටේ ව්‍යවස්ථා අර්බුදයක් උනත් මතු වෙන්න පුළුවන්.

රටේ රාළ කියන්නේ රනිල්,සජිත්,අනුර,ඩලස්, පාඨළී කියන අපේක්ෂකයන් ගත්තම වැඩිම ශක්තිමත් අපේක්ෂකයා වෙන්නේ රනිල්.ඒ රනිල් දැනටත් ජනාධිපති විදිහට කටයුතු කරන හින්දයි.හැබැයි රනිල්ට පෞද්ගලිකව ජනාධිපති විදිහට ඉස්සෙන්න පුළුවන් ගොඩක් තැන් මඟහැරෙනවා.ඒවා ජයග්‍රහණ විදිහට රනිල්ගේ එකවුන්ට් එකට දාගන්න රනිල් අසමත්.හැබැයි රටේ සිද්ධ වෙන සියලුම පරාජයන් රනිල්ගේ එකවුන්ට් එකට Auto වැටෙනවා.රනිල් වටේ ඉන්න කවයට මේක පෙරලා ගන්න තේරෙන්නේ නෑ.

ඒ සහය රනිල්ට හම්බ වෙන්නේ නෑ.පොදුජන පෙරමුණේ නිල සහය රනිල්ට නොදෙන තත්වයක් යටතේ එහෙම සහයක් රනිල්ට නොලැබීම විසින් රනිල් බරපතල අර්බුදයකට තල්ලු වෙනවා.රටේ රාළ කියන්නේ රනිල් තවම ඉන්නේ 15% – 20% අතර සීමාවේ කියලා.රනිල් දිහා බලා ඉන්න පරාසය ලොකු එකක්.රනිල්ගේ ජනාධිපති මාධ්‍ය ඒකකය ගත්තොත් එකෙන් කෙරෙන්නේ රනිල් කරන වැඩ වාර්තා කිරීම විතරයි.ඇත්තට ගෝඨාභයගේ මාධ්‍ය ඒකකයෙන් කෙරුණ වැඩේට වඩා වැඩි යමක් රනිල්ගේ මාධ්‍ය ඒකකයෙන් කෙරෙන බව පේනවා.හැබැයි තව අවුරුද්දකින් ජනාධිපතිවරණයට යන්න නියමිත ජනාධිපති අපේක්ෂකයෙකුටම සාපේක්‍ෂව හිතද්දී නං එතන බරපතල අඩුවක් තියනවා.

රනිල්ට අවශ්‍ය කරන දේශපාලන පෞරුෂය ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් හදන්නේ නෑ. දේශපාලන වශයෙන් සන්සන්දනාත්මක ප්‍රවේශයන් එතනින් එන්නේ නෑ.ඒ වාසිය රනිල්ට නිර්මාණය කරලා දෙන්න එයාලා දක්ෂ නෑ.ඊළගට රනිල්ගේ අනුප්‍රාප්තිකයා විදිහට පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්න වජිර ඉෂ්ඨ කරන කාර්යභාරය මොකද්ද කියලා හිතාගන්නත් බෑ.වජිර තමයි එජාපයට ඉන්න එකම පාර්ලිමේන්තු මන්ත්‍රී.පහුගිය කාලේ අවස්ථා කීපයකදීම වජිරටත් දුෂණ චෝදනා එල්ලවුනා.රේගුවෙන් රත්තරන් තොගයක් නිදහස් කරන්න කියලා වජිර බලපෑම් කරපු බව දිගටම මාධ්‍ය වාර්තා කරලා තිබුණා.

ඇත්තටම වජිර ප්‍රශස්ථ පාර්ලිමේන්තු භූමිකාවක් ඉෂ්ඨ කරන්නේ නෑ.වජිර කරන්නේ රනිල්ව හාස්‍යයට ලක්වෙන වැඩවසම් කතාන්දර කියන එක විතරයි.ඒවායින් රනිල්ගේ තියන පෞරුෂයටත් හානි වෙනවා. රනිල්ව අතිශෝක්තියෙන් වර්ණනා කිරීම විතරමයි වජිර කරන්නේ.ඇත්තටම ඒවා ජෝක් විදිහටයි සමාජය බාරගන්නේ.වජිර කියන්නේ තව දශක දෙකක් රනිල් රට පාලනය කරනවා.පොදු එකඟතාවයකින් රනිල්ට ජනාධිපතිකම දෙන්න ඕනි වගේ කතා.

රනිල් හිටියොත් 2048 වෙනකොට යුරෝපයේ කාන්තාවන් මෙහේ ගෘහ සේවයට එයි කියලත් වජිර කියනවා.ලෝක නායකයෝ ඔක්කොම රනිල්ට බයයිලු.ඕවා තමයි වජිරගේ කතා. ඇත්තටම මේවායින් රනිල්ට සේවයක් වෙන්නේ නෑ.වෙන්නේ රනිල් ගොඩනගාගෙන තියන පෞරුෂය පවා වජිර විසින් ජෝක් කර බිඳ වැට්ටවීමයි.ඊළගට රනිල්ගේ සමීපතමයෙක් වුන සාගලටත් රනිල් වෙනුවෙන් මහ ලොකු දෙයක් කරන්න තවමත් බැරිවෙලා තියනවා.

රනිල් සාගලව මාතරින් ගලවලා කොළඹට ගෙනාවේ එයාගේ සේවය වැඩිපුර ගන්න වෙන්න පුළුවන්,සමහරවිට සාගල ජනාධිපති කාර්ය මණ්ඩ ප්‍රධානියා විදිහට යමක් කරනවා ඇති.ඒත් රනිල්ගේ ජනාධිපතිවරණ කැම්පේන් එක ඉලක්ක කරගත්ත මැදිහත්වීමක් නම් සාගලගෙන් පේන්නේ නෑ.සාගලලගේ පොදු හැඩයෙන් වැඩ කිරීම කියන එක ඇත්තේම නෑ.ඊළඟට රනිල් ළඟ ඉන්න සමහර අය ජනාධිපතිලා නැති කරපු මිනිස්සු.ඇත්තටම මේ අයට වැඩිය වැඩ කොටසක් එජාපයට ඇවිත් ඉන්න ජේවීපීකාරයෝ කරනවා. විශේෂයෙන් අචල ජාගොඩ වගේ අය යමක් කරන බව පේනවා.

ලන්සලා යමක් කරන්න හදන බව පේනවා. හැබැයි මේ එකකින්වත් රනිල් සාමාන්‍ය ජන විඥානයට කිට්ටු වෙන්නේ නෑ.ඒ වගේම ආණ්ඩුවේ ක්‍රියාවලි රනිල්ගේ කැම්පේන් එකට බාධාවක් වෙලා. උඩවලව ජලාශයට සිදීයාමත් එක්ක සමනල වැව ජලාශයෙන් වතුර දෙන්න ගත්ත තීන්දුව හොද උනත් ඒක ප්‍රමාද වැඩි තීන්දුවක්.හොඳ තීන්දු කලට වෙලාව ගන්නේ නැතිව ප්‍රමාද වෙලා ගැනීම කියන්නේ හතුරාට ආයුධ දීමක්.ඒ ප්‍රමාදයේ වාසිය ජවිපෙ විසින් ගත්තා.ගෝඨාභය විනාශ කරපු කෘෂිකර්මාන්තයට යම් පණක් දෙන්න රනිල් සමත් වුනත් මේ වගේ සිද්ධිවලින් රනිල් විරෝධීන් නැවතත් ශක්තිමත් වෙනවා.

හතුරා අතට ආයුධ දෙන ගෝලබාලයෝ ටිකක් තමයි රනිල්ට ඉන්නේ.නියඟය සහ ඡල ගිඟය පාවිච්චි කරගෙන නැවතත් ගොවියා අතර නොසන්සුන්තාවයක් හදන්න ඇතැම් කණ්ඩායම් උත්සහ කරන බවට බුද්ධි අංශ වාර්තාවක් රනිල් අතට දුන්නා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා.ඊට ඉස්සෙල්ලා රනිල් බුද්ධි අංශය දාලා හොයන්න ඕනි රනිල් වටේ ඉන්න අය රනිල්ට ගේමක් දෙනවද කියලා. අරගලයකට ඕනි කරන පරිසරය හැදුවහම ජනතාව අරගලයට එන එක සාමාන්‍ය දෙයක්.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan