*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

පාපන්දුවේ හැරී කුමාරයා ජර්මණියට

හැරි කේන් එංගලන්ත කණ්ඩායමේ පාපන්දු නායකයා මෙන්ම එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයාද වෙයි.මෙතෙක් ඔහුගේ සේවය ලබා දුන් ස්පර්ස් කණ්ඩායමෙන් නික්ම යාමට කේන් ගත් තීරණය මේ ගිම්හානයේ පාපන්දු උණුසුම වඩාත් ඉහළට යන පුවතක් වූ අතර කේන් බයර්න් මියුනිච් කණ්ඩායම සමඟ නව ගමන ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ආර් බී ලයිප්සිග්ට එරෙහිවය.
කේන් තමන් සම්බන්ධව සිටි ස්පර්ස් කණ්ඩායම හැර යමින් බයර්න් මියුනිච් සමඟ එක්වීම වෙනුවෙන් අය කර තිබෙන ගිවිසුමේ වාර්ශික අය කිරීම ලෙස දැක්වෙන්නේ යුරෝ මිලියන 110 කි.වසර හතරක් සඳහා එම වාර්ශික අය කිරීම වෙනුවෙන් එකඟ වීම මත හැරී කේන් එම කණ්ඩායම සමඟ රැදී සිටිනු ඇත.
සපර්ස් හැර යාම සම්බන්ධයෙන් එම ක්‍රීඩා සමාජය එතරම් සතුටුදායක හැඟීම් නොපෙන්වුව ද,ඔවුන් හැරී කේන්ගේ නව තීරණයට අපහසුවෙන් එකඟ වූ බව පවසමින් සුබ පැතුම් එක් කරයි.එම ක්‍රීඩා සමාජයට පහසුවෙන් කේන්ගේ නික්ම යාමට එකඟ වීම කළ නොහැකි වන්නේ හැරීගේ පාදයන් ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණ වෙනුවෙන් ලබා දී තිබෙන දායකත්වයන් සළකා බලද්දීය.සපර්ස් වෙනුවෙන් තරග 435 දී ගෝල 280 ක් රැස් කර ඇති හැරී කේන් එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා වන්නේය.
එතරම් ගෝල ප්‍රමාණයක් වෙනුවෙන් සහ එතරම් තරග ප්‍රමාණයක් වෙනුවෙන් සිය ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෙක් එම ක්‍රීඩා සමාජය හා සබැඳි සියල්ලන්ටම දනවන හැඟීම ඔවුන් සදාකල්හිම තමන්ට අයිති වස්තුවක්ය යන හැඟීමය.
බයර්න් මියුනිච් හැරී කේන්ට සිය ආරාධිත දෑත දිගු කරන්නේ සිහින කුමාරයාගේ පැමිණිම අපේක්ෂාවෙන්ය.දැනටමත් ජරම්ණියේ කැපී පෙනෙන සූරතා රැසකට හිමිකම් කියන ක්‍රීඩා සමාජය හැරී කේන් ගේ පැමිණීම උත්කර්ශයෙන් සමරන්නේ ඔහු 2015 – 2016,2016 – 2017 සහ 2020 – 2021 වසරවල ප්‍රිමියර් ලීග් තරගාවලියේ රන් පාවහන් සම්මානයෙන් පිදුම් ලද සුපිරි ක්‍රීඩකයෙක් වන බැවිනි.
ලෝකයේම දැල් රකින්නන් තිගැස්මෙන් බලා සිටින ඇස් පිල්ලන් ගැසීමට හෝ අවසරයක් ගන්න සැක කරන කේන්ගේ ප්‍රහාරයන් කෙතරම් ප්‍රබලද යන්න තේරුම් ගැනීමට ඇති හොඳම මතක සටහන ඔහු ලෝකය ඉදිරියේ ඉදිරිපත් කළේ 2018 වසරේ දී ය.ඔහු එම වසරේ පැවති පාපන්දු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා ද විය.
මේ දත්ත සළකා බැලීමේදී හැරී කේන් වැන්නෙක් ගේ සම්ප්‍රාප්තිය යනු එම කණ්ඩායම, ඔහු සිහින කුමරා ලෙස සැළකීම වගේම එම කණ්ඩායමටද කුමාර හැඟීමක් ඇති කරන සුළු බලාපොරොත්තු එකතු කිරීමක්ය.නමුත් පාපන්දුව දෙපසට දෝලනය වන අතර හැරී කේන්ට තනියෙන් කරන්නට දෙයක් නැත.කණ්ඩායමක් හැටියට කේන් ගැන විශ්වාසය තැබීම වගේම එම කණ්ඩායමෙන් ඔහු සමඟ පිටියන එක ක්‍රිඩක කැළ ද කේන් සමග විශ්වාසයෙන් සහ අවබෝධයෙන් කටයුතු කිරීම ද වැදගත්ය.එසේම හැරී කේන් වැන්නෙක් නිදැල්ලේ අත හරින්ට ජර්මණියේ කිසිදු කණ්ඩායමක් සූඳානම් නොවන නිසා සෑම විටකදීම ඔහු වටා පළල් රැකවල් යෙදීමක් අපේක්ෂා කළ හැකිය.ඒ සියල්ල හමුවේ කේන්, බයර්න් මියුනිච් වෙනුවෙන් තමා වෙත ශ්‍රේෂ්ඨත්වයෙන් දිගු කළ දෑත සුරක්ෂිත කිරීමට සහ ඔවුන්ගේ බලාපොරොත්තු ඉහළ නැංවීමටක් සපල කිරීමටත් සිය පාදයෙන් නික්මෙන් පන්දුව දැල තුළ නිරුපද්‍රිතව රඳවන්න සෑම උත්සාහයක්ම ගන්නවා නිසැකය.
හැරී කේන් එංගලන්ත රජ පවුලේ හැරී කුමරුට වඩා ලෝක පාපන්දු ලෝලීන්ට කුමාර හැඟීම් උපදවන වීර ක්‍රිඩකයෙක්ය.ටොටැන්හිම් හී ස්පර්ස් හී සිට බයර්න් මියුනිච් වෙත සංක්‍රමණය වන මේ පාපන්දු හැරී කුමරු සිය කුමාරමය දක්ෂතාවලින් මේ ගිම්හානයේ ජර්මන් කෙළිබිම් තුළ විහිදුවන ක්‍රිඩා රටාවේ දීප්තිය ජර්මණියට පමණක් නොවන පාපන්දු ලෝකයම දිප්තිමත් කරන දස්කම්වලින් සපිරෙනවාට අකමැති පාපන්දු ලෝලියෙක් සොයාගත නොහැකි වනු ඇත.ඒ හැරී කේන් ලොවක් වසඟයට ගත් දේශ සීමා බිඳ දැමූ ආදරණිය පාපන්දු ආත්මයක් ලෙස පාපන්දු ලෝලීන්ගේ හදවත් ජීවයෙන් පිබිද විය හැකි ක්‍රීඩකයෙක් වන බැවිනි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan