*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

වහාම ක්‍රීඩා ඇමැති කෙනෙක් දෙන්න

සටහන – නිශ්මං රණසිංහ 
අගෝස්තු 13, LNW කොළඹ:
 මේ වන විට ක්‍රීඩා ඇමතිකම හිස්.ඒ උනාට රටේ මිනිස්සුන්ගේ හිත් මේ වෙලාවේ තියෙන්නේ ක්‍රීඩාවෙන් පිරිලා.හැබැයි ආණ්ඩුවටවත් විපක්ෂයටවත් මිනිස්සුන්ගේ හිත් පිරිලා තියෙන එක අදාළ නැහැ. ඒ අය ඉන්නෙ තමන්ගේ පැත්ත බලෙන් පුරවා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් එක්ක.

ලංකාවේ දේශපාලනය ජනතාවගේ හැඟීම් එක්ක ගමන් කරනවද,එහෙම නැත්නම් තමන්ගේ පක්ෂවල බලය තහවුරු කරගැනීම සඳහා වන උපක්‍රමවලට මුල් තැන දෙනවද කියන කාරණය අවශ්‍ය කෙනෙකුට මේ තත්ත්වය හරහා හෝ අවබෝධ කරගන්න පුළුවන්.
හරීන් ප්‍රනාන්දුට ඇමතිකම නැතිවෙන්නේ ඔහු කරපු අනීතික ක්‍රියාවක් නිසයි.එහෙම කෙනෙක්ට නීත්‍යානුකූල නොවන විදිහට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතියෙන් දඩුවම් ලැබීම නිවැරදි දෙයක්.ඒ සම්බන්ධයෙන් අපට ගැටලුවක් නැහැ.
හැබැයි,හරි නොහිටින්න මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේදී නොතිබෙන්න තිබුණා.නාමල් රාජපක්ෂ,රොෂාන් රණසිංහ අවුල් ජාලයක් කරලා තිබුණු ක්‍රීඩාව තරමක් පිළිවෙලකට සකස් කරන්නට හරීන් සමත් වුණා.

නමල් ක්‍රීඩාවේ නියැළී කෙනෙක් හැටියට ඒ තුළින් දැන හඳුනාගත් මිනිස්සු සමඟත්,තමන්ට බලය ඇති කේෂ්ත්‍ර තුළින් අපේක්ෂා කරන දැඩි ආධිපති වුවමනාවත් විසින් අවබෝධයෙන් යා හැකිව තිබූ ගමනක් අඩාල කරගත්තා.කරපු හොඳ වැඩත් අන්තිමට ගොම ඩිංගක් අත ඇරලා විනාශ කරගත්තා.එහෙම එක අවස්ථාවක් හැටියට tokyo olympic උළෙලට සියලු පහසුකම් දීලා අන්තිමට ක්‍රීඩකාව ධාවන පාවහන් රැගෙන ගියේ නෑ කියලා පට්ට බේගලයක් අතහැරීම ගත හැකියි.
රොෂාන් රණසිංහට සිද්ධ වුණේ කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ වැඩක්.ඔහුට හැම විටම උවමනා වුණා සමස්ථ ක්‍රීඩාවම ඔහු යටතේ ඉන්න බව සමාජයට පෙන්වා දීමට.ඒ නිසා ඔහු හැම තැනක්ම පටලවා ගත්තා. ක්‍රීඩා තුනක් ජාත්‍යන්තර වශයෙන් තහනම් වුණා.ඔහුගේ මානසික ස්වභාවය දන්න ළඟ හිටපු අයත් තමන්ගේ උවමනාවන් වෙනුවෙන් රොෂාන් පාවිච්චි කරන්න ගිය නිසා ඔහුට ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් බැස යන්න වුණේ ලංකාවේ සිටි අසාර්ථකම ක්‍රීඩා ඇමතිවරයෙක් හැටියටයි.

හරින් මේ දේවල් හොඳට අධ්‍යයනය කරල තිබුණා.ක්‍රීඩා පරිපාලනයන්ට අතපෙවීම නොකරන මට්ටමටම ඔහු අඩුකළා.ඒත් හරින් සමග ක්‍රීඩකයකු හැටියට සම්බන්ධව තිබුණු රගර් ක්‍රීඩාවේ අවුල නම් හරින් අතින් තවත් අවුල් වුණා.
මේ සියල්ලත් එක්ක කල්පනා කරද්දී ක්‍රීඩාව ඉතා ඉක්මනින් මේ යන ගැම්මෙන් අනාගත ඉලක්ක සඳහා සැලසුම් සහගත විය යුතුව තිබුණත් ආණ්ඩුව ඒ ගැන කල්පනා කරන බවක් පේන්න නැහැ.තමන්ට චන්දෙ දෙන්න ඉන්න මිනිස්සු ක්‍රීඩාව ගැන මේ වෙලාවේ ගොඩක් දුරට හිතනවා කියන එකවත් විපක්ෂයටවත් අදාළ නැතිවීම කණගාටුදායකයි.

ඒත් මේ ක්‍රීඩා අමාත්‍යවරයෙකු රටට අවත්‍යවශ්‍යම මොහොතක්.තවත් සිව් වසරකට පසුව පැමිණෙන olympic උළෙල සම්බන්ධයෙන් අපට ධනාත්මකව සිතිය හැකි තරුණ බලාපොරොත්තු තිබෙනවා.
තරුෂි කරුණාරත්න,අරුණ දර්ශන,රූමේෂ් තරංග,නෙත්මි අහිංසා,විරේන් නෙත්තසිංහ,උමයංග මිහිරාන් දැනටමත් ඒ ආකාරයෙන් හඳුනා ගත් බලාපොරොත්තුයි.මේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අඩුම තරමේ පෝෂණ අවශ්‍යතාවයෙන් ශක්තිමත් කිරීමට හැකි වැඩපිළිවෙළක් රටට අවශ්‍ය කර තිබෙනවා.

ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයට විවිධ ක්‍රීඩා සංගම්වලින් කරන ජාත්‍යන්තර සහභාගිවීම්වලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මුදල් ප්‍රදානයේ වගකීම අත හරින්නට වෙනවා.වැඩි අවධානයක් යොමු කරන්නට වන්නේ යටිතල පහසුකම් පිහිටුවීමට සහ ඒවා විමධ්‍යගත කිරීමටයි.
ලංකාවේ ක්‍රීඩා සංගමයක බලයට එන පිරිස් බොහෝ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ පින් කැට හැටියටයි.වියදම් කර,අධිකරණයට යමින්,ගහ මරා ගනිමින්,බලය අත්පත් කරගත්තත්,ඉන් අනතුරුව ඔවුන් සිදු කරන්නේ හැම උවමනාවකටම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදල් ඉල්ලා සිටීමයි.

සාමාන්‍යයෙන් සෑම ක්‍රීඩාවකටම අදාළව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සිටිනවා.ඔහුත් පත්වන සංගම් නිලධාරීනුත් ඉදිරි කාලය සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර තරග කාල සටහන් සම්බන්ධයෙන් දන්නවා.ඒ සඳහා යන දල වියදම අදාළ සංගමය සොයා ගන්නේ කෙසේද යන්න සහ ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් රට පුරා පවත්වන්නට බලාපොරොත්තු වෙන වැඩසටහන් මෙන්ම ඊට අදාළ මුදල් සොයා ගන්නේ කෙසේද යන්නත් සංගම් නිලධාරීන් තම නිලවරණ නාම යෝජනා සමඟ ඉදිරිපත් කරන්නේ නැහැ.

ඒ ආකාරයට තමන් බලයට පත්වන ක්‍රීඩාව වෙනුවෙන් වියදම් දැරීමට නොහැකි කණ්ඩායම් බලයට ඒම වැළැක්වීමට ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් සංවර්ධන දෙපාර්තමේන්තුවට බලය පැවරිය යුතුයි. එසේම නිලවරණ නාම යෝජනාව සමඟ ඉදිරිපත් කරන වියදම් සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත්,යළිත් එවැනි අයට බලයට ඒමට හැකි ඉඩකඩත් සීමා විය යුතුයි.මේ තත්ත්වය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංගම් වල මුල් පුටුවල ක්‍රීඩා කළ අයම ඉන්දවා තැබීමේ අදහසින් ඉවත්විය යුතුයි.රටේ ධනවත් පුද්ගලයන්,ඉහළ ව්‍යාපාරික ආයතන ක්‍රීඩාවට ආදරයෙන්, ආකර්ෂණය කර ගනිමින් ඔවුන්ට එම ක්‍රීඩාවේ පරිපාලනයට ඇතුළු විය හැකි ඉඩකඩ ක්‍රීඩා පනත ප්‍රකාරව සකසා දිය යුතුයි.

ආණ්ඩුව මේ මොහොතේ ක්‍රීඩාව පෙරට ගෙන යාමට අවශ්‍ය ඉදිරිගාමී සැලසුම් වෙනුවෙන් අමාත්‍යවරයකු පත් කළ යුතුයි.ඔහු නාමල් පන්නයේ හෝ රොෂාන් පන්නයේ අයෙකු නොවිය යුතුයි.හරින් පන්නයේ කෙනෙකු නොවිය යුත්තේ ඔහුද තමන් දන්නා ක්‍රීඩාවේ දී තමන්ගේ හිතවතුන්ගේ පදයට නැටවුණ නිසාවෙනි.
කාගෙවත් පදයට නටන්නට නොයා සිටිය හැකි පළමුවත් දෙවනුව තෙවනුවත් රටේ ක්‍රීඩාවේ අනාගතය ගැන සිතිය හැකි සෘජු තීරණ ගන්නා ක්‍රීඩා ඇමතිවරයෙක් ශ්‍රී ලංකාවට අවශ්‍ය කර තිබේ.

ඔහු හෝ ඇය ක්‍රීඩා අමාත්‍ය ධූරයේ වැඩ ආරම්භ කළ යුත්තේ වෙනස්වන දේශපාලනයකට වෙනස් කළ නොහැකි වන පරිදි 2028 olympic ඉලක්කය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිත ගත කිරීමේ වැඩපිළිවෙළක් සමඟයි.මේ සටහනේම එයා ආරම්භ කළ හැකි විවිධ ක්‍රීඩාවලට සම්බන්ධ නම් පෙලක් සටහන් කර ඇත.පළමුව ඔවුන් තරග කරන ඉසව්වට අදාළව,ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය කරන,දෛනික ආහාර වේල් සපුරාගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම අතිශයින් වැදගත්ය.
කෙනෙක්ට කන්න දෙන එක සුළු දෙයක් වුව ක්‍රීඩකයෙකුට කන්න දෙන එක දුෂ්කර කාරණයක්ය.දිනපතා ශරීරයට අවශ්‍ය සියල්ල ලැබෙන සේ සකස් විය යුතු එම පෝෂණය නො’වැරදි ලැබෙන ක්‍රමයක් ඇති කිරීමට හැකි ක්‍රීඩා අමාත්‍යවරයෙක් වහාම පත්කිරීම මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක්ය.දේශපාලනයෙන් අවුල් ජාලාවක් වී ඇති රට,ලෝකය ඉදිරියේ විහිළු සැපයීමේ මධ්‍යස්ථානයක් වී ඇති රට යම් ගෞරවනීය සැලකිල්ලට භාජනය කරන්නට තමන්ගේ ජීවිත කැප කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක තප්පරයක්වත් නොසලකා සිටින්නට වගකීමක් නැත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan