මෙරට සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය යළි ක්‍රියාත්මක කිරීමට පියවර!

රෂිකා හෙන්නායක අගෝස්තු 13, කොළඹ (LNW):

අගෝස්තු මස 16 වන දින සිට , ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වා මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, පුද්ගලික සමාගමක් විසින් මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව මෙම මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට අවස්ථාව ලබාදී තිබෙන බව සඳහන් වේ.