චීන නැවේ සිද්ධිය ගැන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් (VIDEO)

0
1830

ආන්දෝලනාත්මක චීන අභ්‍යවකාශ නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට ඇතුළු කර නොගන්නා ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට බලපෑම් කර ඇතිය යනුවෙන් පැතිර යන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඊයේ (12) දිනයේදී මාධ්‍ය හමුවක් පවත්මින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අරින්දම් බග්චි මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බවත් ඔවුන්ට ස්වාධීන තීරණ ගත හැකි බවත් පැවසූ ඒ මහතා ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ අවධානය සැලකූ විට මෙය එක් එක් රටවල ස්වෛරී අයිතියට අදාළ කරුණක් බවත් ප්‍රකාශ කළේය.

RN